IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සුව ඇමති ආයුර්වේද වෛද්‍ය නිලධාරී හමුවක්

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීන්ට අදාළ කරුණු කිහිපයක් සහ ආයුර්වේද සේවාව පුළුල් කිරීම මෙන් ම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු රැසකට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතූළු නිලධාරීන් කටයුතු කරනු ලැබීය.

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ නෛතික පිළිගැනීම, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය අයිතින්, බඳවා ගැනීම්, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම, වගවීම හා කැපවීම, ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල්වල ක්‍රියාකාරීත්වය, රැකියා විරහිත වෛද්‍යවරුන්ගේ ගැටළු,  වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව, පැය 6 සේවා මුර ක්‍රමය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාල, කාර්ය මණ්ඩල හා උපකරණ, සංවර්ධන ව්‍යාපෘති, ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක අවශ්‍යතාව, ආයුර්වේද සෞඛ්‍ය ප්‍රතිපත්ති, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, උසස් තනතුරු සඳහා පත් කිරීම්, පරිපාලන තනතුරු පත්වීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණි. 

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ අමතර සේවා දීමනාව සඳහා මසකට පැය 60 ක් එක අයකුට වන සේ දැනට සේවයේ යෙදෙන හා බඳවා ගැනීමට නියමිත වෛද්‍යවරුන් සඳහා ලබාදෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජිතයින් කළ ඉල්ලීම අනුව අවම වශයෙන් පැය 40 ක ප්‍රමාණයක් ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙහි දී තීරණය වු අතර, එම තීරණය 2026 අයවැය  යෝජනා වලට ඇතුළත් කොට 2026 වර්ෂයේ ජනවාරි මස සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ද තීරණය විය.

සිමාවාසික  වෛද්‍ය පුහුණුව විධිමත් කිරීම හා ප්‍රමාදය  වැලැක්වීම, බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයක් ක්‍රමානුකූලව ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කිරීම හා නවීන  උපකරණ සහ පහසුකම් ලබාදීම යන කරුණු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.



 

 



අදහස් (0)

සුව ඇමති ආයුර්වේද වෛද්‍ය නිලධාරී හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site