IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සුව ඇමති අතින් ශාන් ට සම්මානයක්

(අංජුල මහික වීරරත්න)

පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එය දේශපාලඥයාගේ කාර්යයක් පමණක් නොවන බව කී අමාත්‍යවරයා මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමේ කාර්ය සිදුකළ හැකි ඉහළම කණ්ඩායම විද්‍යුත් විකාශකයින් බව කීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ විද්‍යුත් විකාශන සමුළුව 2025 (Broadcasting Symposium) සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සමුළුව අද (25) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

මෙම විද්‍යුත් විකාශන සමුළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, මාධ්‍ය විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග, වගකීම්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ අනාගත අපේක්ෂාවන් ආදී කරුණු පිළිබඳ මෙම සමුළුවේ දී පුළුල් කතිකාවතක් සිදුවිය. විද්‍යුත් විකාශන සමුළුව සැසි 4 කින් සමන්විත එක්දින වැඩමුළුවක් වූ අතර ඉදිරි වසර 5 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබදව ද මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි. දශක පහකට අධික කාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ සහ මෙම සමුළුව සඳහා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගී වූ ශාන් වික්‍රමසිංහ මහතාට විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මගින් ගෞරව හරසර ප්‍රණාම මෙහි දී පුදකළ අතර ඒ වෙනුවෙන් ප්‍රණාම තිළිණයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශාන් වික්‍රමසිංහ මහතාට මෙහි දී ප්‍රදානය කර ලදී.

 



අදහස් (1)

සුව ඇමති අතින් ශාන් ට සම්මානයක්

Lalla Thursday, 26 June 2025 11:29 AM

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨයා ෂාන් වික්‍රමසිංහ ඉන්ජිනේරු තුමා. .ඒත් ඥාතියෙක් වෙලත් ජේ ආර් ජයවර්ධන ජනපති ඒක ජනසතුකරනය කලා.ඒක වැරදියි කියල දෑන්නම් පැහැදිලිව පේනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site