(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුවසැරිය වෙනුවෙන් මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවයි.
වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් ද පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බවද සේමසිංහ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
117
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුවසැරිය ගොඩගන්න මිලියන දෙසිය විස්සක් දෙන්න
Jayasinghe Tuesday, 22 November 2022 04:11 PM
සුවසැරිය වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් එකතු කිරීමට අපි සැවොම එකතු වෙමු!
Bamunuarachchi Wednesday, 23 November 2022 09:23 AM
මේකට තමයි කියන්නේ කොහෙවත් යන නයි කනවෝ කනවෝ කියනවා කියලා.