IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෙව්වන්දිට පලා යාමට සහය වූ සැකකරුගේ නිවසින් උණ්ඩ හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු  සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත්  අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමති සැකකරු පැය 72ක කාලයකට  රැඳයුම්  නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකරුගේ පෙන්වාදීම මත එම ගිනි අවි සහජීව උණ්ඩ සොයාගෙන ඇත.

මෙම සැකකරු විසින් 2019.04.19 වෙනි දින සිදු කරන ලද පාස්කු ඉරුදින  ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුද මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු ද සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවක් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු පැවසීය.

මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.



අදහස් (0)

සෙව්වන්දිට පලා යාමට සහය වූ සැකකරුගේ නිවසින් උණ්ඩ හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site