(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජල සැපයුම විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට පහරදී විසන්ධි කළ ජල සැපයුම ලබා ගත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
පහර කෑ වැඩ පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් ව ඇත.
මාස කීපයක සිට බිල්පත නොගෙවා එකතුව තිබූ රුපියල් 32000 ක ජල බිල්පත හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවකු , කම්කරුවකු සහ රියදුරකු බන්ඩාරගම මැදගම , මිණිමුතු මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් තිබූ බව පොලිසිය කියයි.
එහිදී පහර කෑ වැඩ පරීක්ෂකවරයා නිවැසියන්ට ජල සැපයුම විසන්ධි කරන බවට දැනුම්වත් කර ඇති අතර පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර ඇත.
එසැණින් නිවස තුළ සිට පැමිණි පුද්ගලයා ගලකින් වැඩ පරීක්ෂකවරයාට පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර " දීපන් යකෝ වතුර නැත්තං හතර දෙනාම මරනවා මෙතනම යැයි" සවලක් ගෙන තර්ජනය කර ඇති අතර ඊට බිය වූ වැඩ පරීක්ෂක වරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කර එම ස්ථානයෙන් සිය පිරිස සමග පිට වී පොලිසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සවලේ බලයෙන් විසන්ධිකළ ජල සැපයුම යළි ගනී
chandima Thursday, 21 September 2023 02:40 AM
අන්න සූර සරදියෙල් කෙනෙක්
ලුම්බිණි Thursday, 21 September 2023 05:52 AM
වතුර බිල් නොගෙවන දේශපාලකයින්ට වෙනම නීතියක් නේද?
Chaminda Thursday, 21 September 2023 11:45 AM
සිදුවීම ගැන දුක් වෙනවා. නමුත් මේ වැඩේට හතර දෙනෙක් වහනයකින් යන එක රජයේ සේවයහි තරම පෙන්වයි.