IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිවුරක් පැළඳුවාට අවුකන ප්‍රතිමාවට හානියක් වී නෑ

(රංජන් කස්තුරි)

අනුරාධපුරය ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේදී එම ප්‍රතිමාවට හෝ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කලාප භාර පුරා විද්‍යා නිලධාරීන්ගේ වාර්තාව අනුව එම තොරතුරු අනාවරණය වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

පුරාවිද්‍යා නිලධාරීන් අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරික්ෂාවක් සිදු කොට ඒ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බව ද එහ අනවබෝධයෙන් සිදුවූ බව උන්වහන්සේ පිළිගෙන ඇති බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (6)

සිවුරක් පැළඳුවාට අවුකන ප්‍රතිමාවට හානියක් වී නෑ

wedage Friday, 08 December 2023 04:35 PM

ප්‍රතිමාවේ තිබුණු සිවුර හාමුදුරුවෝ දැකලා නැද්ද ?නැත්නම් මේ සිව්ර අන්දපු අය දැක්කේ නැද්ද ?පුරා විද්‍යා එකට මුදල් වලින් සංග්‍රහ වෙලාද?

:       6       26

සුජිත් පල්ලෙවත්ත Friday, 08 December 2023 05:03 PM

සියල්ලම විනාශ වන බව දහමේ පැහැදිලි කොට ඇති බැවින් කළයුතුව ඇත්තේ සිවුරු පැළඳවීම හෝ පිළිම ආරක්ෂා කරගැනීම නොව බුදුන් දේශනාකළ නිවන් මගේ ගමන් කිරිමයි. නිවන මගේ යමු කියා ආරාධනා කරන පන්සල් බිහිකිරීමයි...! 

:       4       29

ලංකාපුත්‍ර Friday, 08 December 2023 08:02 PM

අතීතයේ විස්මිත කටයුතු කල ගල්වඩුතුමා පිළිමය නෙලා තියෙන්නෙ සිවුරක් ඇදගෙන සිටින ආකාරයට තමයි ඒත් පුරාවස්තු දෙපාර්තමේන්තු නිළධාරින් ප්‍රතිමාවට හානියක් නැහැ කිව්වට අපේ ආදී වඩු ශිල්පයාගෙ කීර්ති නාමයට බලවත් හානියක් කරල කියන්න පුළුවන් එයින් සිංහල ජාතියට හානියක් වුනාට අමතරව ලෝකයා ඉදිරියේ සිංහල බෞද්ධයන් උපහාසයට ලක්කිරීමක් කරල තියෙනවා

:       0       0

සඳුන් Friday, 08 December 2023 08:35 PM

පිංවතුනි අද සිට එකත් පස්ව බුදු පිලිම වලට සිවුරු පැළඳ වීමට පෙල ගැසෙන්න. පුරාවිද්‍යාවෙන් ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.

:       0       0

Bamunuarachchi Saturday, 09 December 2023 04:23 AM

සිවුර ඩිජිටල් ක්‍රමයට පැළඳුවා නොවෙයි මිනිහෙක් බුදුන්ගේ යයි සලකන්න පිළිරුවේ කරමතට නැගලයි සිවුර පැළඳවීම කලේ.

:       0       0

saki Saturday, 09 December 2023 09:03 PM

පුදුම දෙපාර්තමේන්තුවක්... ප්‍රතිමාවේ සිවුර ගලින් නෙලලා තියෙන්නේ මේවා කරන්නද? ගිහි පැවිදි නැහැ... මේ අයට දඬුවම් කළ යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site