IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්වභාවිකව සුදු වෙමු

තමන්ට උප්පත්තියෙන්ම ලැබී ඇති රූප සොබාව වැඩි දියුණු කර ගැනීමට,ලස්සනට ප්‍රියමනාපව ඉන්න අපි හැමෝම කැමැතියි. ඒ උදෙසා කමාට ස්වභාවයෙන් ලැබී ඇති සමේ පැහැය වෙනස් කිරීමට කාන්තාවන් නොගන්නා උත්සාහයක් නැත. පුරුෂ පක්ෂයට සාපේක්ෂව සුදු වීමේ සිහිනය ඇත්තේ කාන්තාවන්ටය. ඒ සඳහා විවිධ කෘතිම පාන වර්ග, Bleeching අඩංගු ආලේපන, එන්නත්, ඇතුළු බොහෝ දෑ අධික මිල ගණන් යටතේ වෙළෙඳපොලේ අලෙවි වන තරගකාරී නිෂ්පාදන වේ.

නිෂ්පාදන කොතෙක් පැවතියද මේවා භාවිතයෙන් ලබපු ප්‍රතිඵලයක් නම් නැත. ඒ වෙනුවට සමේ විවිධ අසාත්මිකතා, චර්ම රෝග, සමහර පිළිකා ආදී සම සම්බන්ධ ගැටලු රැසකටම මුහුණ දුන් කාන්තාවෝ අපමණය.

අපට ගැලපෙන සමේ වර්ණය

ඝර්ම කලාපීය රටවල වෙසෙන අපේ සමේ පැහැය තළෙළු පැහැයට හුරුය. ඒ මෙලනින් අඩංගු නිසාය. සූර්යාලෝකය හොඳින් ලැබෙනවා සේම එහි අනිසි බලපෑම් වලක්වා ලීමට මෙලනින් උපකාරී වේ. ඒ අනුව සුදුමැලි සම ඝර්ම කලාපීය රටවලට නොගැලපේ.

ස්වාභාවිකව සුදු වෙමු

තමාට ලැබී ඇති ලස්සන පවත්වා ගැනීම පසෙක තබා මිත්‍යා මත පසුපස ගොස් රෝගී වූවෝ බොහොමයකි. සමට නුසුදුසු රසායනික සංයෝගවලින් සමන්විත නිෂ්පාදන භාවිතයට වඩා ස්වාභාවිකව සම පැහැපත් කරවන ක්‍රම පිළිපැදීම සෞඛ්‍යාරක්ෂිත මෙන්ම අතුරු පලවලින්ද තොර වේ.

දිනපතා ඔබේ සම පිරිසුදුව තබා ගන්න. කුණු, දහදිය, දූවිලි සම මත නොරැඳීමට වගබලා ගන්න.දිනපතා ස්නානය වැනි පවිත්‍රතා කටයුතු පවත්වා ගෙන යන්න.

හොඳින් ජලය පානය කරන්න.-මෙමගින් සම වියැළීමෙන් වලකා තෙතමනය රැකදේ. සම දීප්තිමත්ව තබයි.

ගෙවත්තෙන් පහසුවෙන් සපයා ගත හැකි අලුත් එළවළු, නැවුම් ස්වාභාවික පලතුරු, පළා වර්ග නිතර ආහාරයට එකතු කර ගන්න. - ඒ අනුව කැරට්, වට්ටක්කා, බීට් වැනි එළවළු පිස ආහාරයට ගැනීම මෙන්ම පාන වර්ග ලෙසත් සාදා ගත හැකිය. මෙමගින් සමේ පෝෂණය රැක දේ. සම පැහැපත් කරවයි. සමේ කැළැල් පවා මකාලයි.

නිරතුරුව ගත,සිත,මනස සුවපත්ව තබා ගන්න.- ඔබේ සිත තව කෙනකුට මුහුණින් කියැවිය හැකි වනු ඇත.එනිසා සෑමවිටම තරහව,ඉරිසියාව,ක්‍රෝධය වැනි සිතුවිලිවලින් බැහැර වී මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ.

සැම වෙලේම තමන් ලස්සන කෙනකු යැයි සිතින් මෙනෙහි කරන්න. ඒ හැරුණු විට ඔබව තවත් කෙනකු සමඟ සංසන්දනය කිරීමට නොයන්න. මන්ද යත් ලස්සන යනු පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සාපේක්ෂ දෙයක් නිසාය.

ඉහත පුරුදු ඇති කර ගැනීමට, ඊට අනුගත වීමට අපිට විශාල මුදලක්, බොහෝ කාලයක් වැය නොවේ.තමන් මෙයාකාරයට වෙනස් විය යුතුයි කියන අවශ්‍යතාවත්, ඊට අනුගත වීමත් ඇති වූ විට ඔබේ ආදරණීයන්ට මෙන්ම සමාජයටත් ඔබ ප්‍රසන්න පුද්ගලයකු වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ස්වභාවිකව සුදු වෙමු

bill Wednesday, 05 March 2025 07:49 PM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site