IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘

(නිමල කොඩිතුවක්කු)

ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවකයාගේ  ආර්ථිකය , ගෞරවය සහ අභිමානය  ශක්තිමත් කිරීමට වර්තමාන රජයට හැකි වූ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.

වත්මන් ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයා වෙනුවෙන්  කැපවූ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉතිහාසයේ බිහි නොවූ බවත් පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය සේවකයා තවදුරටත් ශක්තිමත් කිරීමට සජිත් ප්‍රේමදාස පාලනයක් තුළින් කැපවෙන බවත් සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.

    “මහින්ද රාජපක්ෂ මහතා 2009 දී වැටුප් වැඩිකළේ 2500කින්. ඉන් පසුව 2014 වෙනකම් වැටුප් වැඩිවුණේ නැහැ. කාර්යාල කාර්ය සහයකයෙකුගේ මූලික වැටුප 2015දී අපේ ආණ්ඩුව ගන්නකොට රුපියල් 11730යි. 2020 ජනවාරි වනකොට 24215යි. ඒ අනුව මේ වසර 05 තුළදී දෙගුණයකට වඩා වැටුප වැඩිවී තිබෙනවා.

ඊට අමතරව අතිකාල දීමනා, සංයුක්ත දීමනා, උත්සව දීමනා ලබාදී තිබෙනවා. රියදුරෙකුගේ මූලික වැටුප රුපියල් 12270 සිට 25790ක් දක්වා වැඩිවී තිබෙනවා. සංවර්ධන නිලධාරියෙකුට 15000 සිට 31490ක් දක්වාත් වැඩි කර තිබෙනවා.

පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට මූලික ආරම්භක වැටුප තිබුණේ 21750යි. අපේ ආණ්ඩුව විසින් එය 44950 ක් දක්වා වැඩිකළා.

ප්‍රදේශිය ලේකම්වරුන් වැනි පරිපාලන නිලධාරියෙකුගේ මූලික වැටුප 22935 තිබුණා. එය 47615ක් දක්වා වැඩිකර තිබෙනවා. පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 36755ක්  සිට රුපියල් 76175ක් දක්වා වැඩිකර තිබෙනවා.

මේ විදියට රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 වකගේ වැටුප් වැඩිකර තිබෙනවා. අපි එනකොට රුපියල් බිලියන 375ක් වූ වැටුප් බිල 735ක් දක්වා වැඩිවී තිබෙනවා. මේ ආණ්ඩුව තරම් රජයේ සේවකයින්ට සලකපු ආණ්ඩුවක් නැහැ.

අද රාජ්‍ය සේවකයන් 2015 මහින්දගේ කාලයට වැඩිය දෙගුණයකට වැඩිය තමන්ගේ පඩිපත ගෙදර අරන් යනවා. දීමනා ලබාදුන් වැටුප් වැඩිකළ ආණ්ඩුවට  කෘතගුණ සැලකීමට රාජ්‍ය සේවකයන්ට දැන් අවසථාවක් ලැබිලා තිබෙනවා.

අද පොහොට්ටුවේ පිරිස්  යුද හමුදාව ගැන, යුද්ධය ගැන කතාකරනවා. මහින්ද රාජපක්ෂත්, ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂත් යුද්ධයෙන් පස්සේ යුද හමුදාවට සතපහක පඩි වැඩිකළේ නැහැ. රණවිරුවන්ගෙන් වැඩගත්ත එක විතරයි කළේ.

හමුදාවේ ලුතිනන්වරයෙක් 22935 සිට 47615 දක්වා මූලික වැටුප අපි වැඩිකර තිබෙනවා. කර්නල්වරයෙකුගේ වැටුප 36755සිට 76375දක්වා අපේ ආණ්ඩුව වැඩිකර තිබෙනවා. මේ හැමෝටම ආහාර සලාක ලබාදෙනවා. එය නිලධාරින්ට 14939 සිට  23231 දක්වා වැඩිකර තිබෙනවා. සෙසු නිලයන්ට 13199 සිට 19350 දක්වා ආහාර දීමනා ව වැඩිකර තිබෙනවා.

ඒ අනුව 120%කින් අපි ආහාර දීමනාව ඇතුලුව වැටුප් වැඩිකර තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට අයිතියක් තිබෙනවාද හමුදාවේ සාමාජිකයන්ගේ ඡන්දය ලබාගන්න. ආබාධිත රණවිරුවෝ පසුගිය දවස්වල කණුවල නැගලා උද්ඝෝෂණය කළා. ඒ අය වෙනුවෙනුත් ඇහුම්කන් දුන්නේ අපේ ආණ්ඩුවයි.

2015 වනවිට  ආබාධිත වු කර්නල්වරයෙකුට ලැබී තිබෙන වැටුප 10700යි. අද 167000ක් ලැබෙනවා. ලුතිනන්වරයෙකුට 84750 වුණා. අද 127500ක් ලැබෙනවා. මෙහෙම තිබියදී තමයි දේශපාලන කටයුතු සඳහා හමුදා සෙබලු යොදාගන්නේ. මීට අමතරව පැය 08ට වඩා වැඩකරන පොලිසියේ නිලධාරීන්ට 40%ක අතිරේක දීමනාවක් ලබාදෙනවා. 28000ක් ගත් පොලිස් රාලහාමි කෙනෙකුට අද 58000ක් ලැබෙනවා

විශ්‍රාමිකයින්ට 2006 සිට 2015 දක්වා වැටුප් වැඩිකළේ නැහැ. ඔවුන් පාරට බැහැලා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කරන්න කියලා  හන්දිවල උද්ඝෝෂණය කළා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව එය ලබාදුන්නේ නෑ. අපි 2015 බලයට පැමිණ පළමු මාස තුන ඇතුලත විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කළා. ඒ අනුව රජයේ සෑම විශ්‍රාම වැටුප් ලාභියෙකුගේම 45%කින් විශ්‍රාම වැටුප් වැඩිවීම සිදුවුණා.

මේ බව දන්නා රාජ්‍ය  සේවකයන්ටත්, විශ්‍රාමිකයන්ටත් සජිත් ප්‍රේමදාසගෙන් පිට ඡන්දයක් දෙන්න බැහැ. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදී තිබෙන අවස්ථාවේදී රජයේ සේවකයන්ට යුතුකම ඉෂ්ට කරන්න අවස්ථාව ලැබී තිබෙනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.

 

 



අදහස් (0)

‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29101 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18217 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11396 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 704 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site