IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිව්දරු මව රිය අනතුරින් මරුට

(බී.ජී.චතුරංග) 

අනුරාධපුර මිහින්තලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය සහ පුල්යාර්  හන්දිය අතර ප්‍රදේශයේදී  අද  (25දා) දහවල් සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, පුල්යාර හන්දිය, හේනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටිි දොඹවලගේ දෝන සුජීවා පෙරේරා නැමැති 54 හැවිරිදි  සිව් දරු මවකි.

පුල්යාර් හන්දිය  දෙස සිට  මාතලේ හංදිය දෙසට එකම දිසාවට ගමන් කළ පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, පාපැදිය දකුණු  දිශාවට හැර වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය සඳහන් කළේය.ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

සිව්දරු මව රිය අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site