(මනෝප්‍රිය ගුණසේකර)
2020 ”තිලීපන්” සමරු උත්සවය සංවිධානය කළ බවට ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වු අධිචෝදනා පත්‍රය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (22) නියම කළේය”
මෙම නඩුව සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් පුරා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු මත සිටි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය”
විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශබ්ර ඇප මත මුදාහැරීමට නියයම කළ විනිසුරුවරයා මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන ලබන මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය”
තහනම් සංවිධානයක් වශයෙන් නම් කර ඇති කොටි සංවිධානයේ මියගිය සාමාජිකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් ‘තිලීපන්’ නමැත්තා මියගොස් වසර 33ක් අනුස්මරණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යාපනය, කොන්ඩාවිල් කෝකුල පාරේදී උත්සවයක් සංවිධානය කිරීම හෝ ඊට සහභාගි වීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී”
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවාජිලිංගම්ට අධි චෝදනා බාර දී ඇප මත මුදා හරියි