IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නිමවෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේ දී පැවැත්විණි.
 

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පසුගිය ජනවාරි 3 වැනි දා ආරම්භ කෙරුණු මෙම පුහුණු කඳවුර නාවික හමුදාපතිතුමාගේ අංශ පිරික්සුම සහ ආචාර පෙළපාළියකින් පසුව විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් පසුව නිමාවට පත්විය.
 
ස්වේච්ඡා නාවික හමුදාව 1952 ජනවාරි මස 09 වැනි දා නිලධාරින් 24 දෙනෙකු හා නාවිකයින් 121 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ විය.
 
ජාතික ආරක්‍ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේවන විට නිලධාරින් 461 දෙනෙකු හා නාවිකයින් 11700 දෙනෙකුගෙන් සැදුම්ලත් ජාතික මෙන්ම හදිසි අවස්ථාවන්හි දී සහ ව්‍යසනයන්හිදී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බල හමුදාවක් බවට පත්වී ඇත.
 
එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය බාර ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නාවික හමුදා මුලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කපිතාන් ටෝනි පෙරේරා මහතාද සහභාගී වී සිටියහ.


 

(28535)
 
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය 



අදහස් (1)

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නිමවෙයි

dp chandan Saturday, 19 January 2019 07:34 AM

හොඳයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 280 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site