IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෝලා පෙට්ටි 2ක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර , මෝදරවිල  කර්මාන්තශාලාවකදී සෝලා පැනල් ගබඩා කර තිබූ ටොන් තුනකට ආසන්න බරැති පෙට්ටි දෙකක් ශරීරය මත පතිත වීමෙන් දෙදරු පියකු   අද (17) පස්වරුවේ  මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ මාතර ,ඌරුබොක්ක, දම්පහළ ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් සුරංහ නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.

කන්ටේනර් පෙට්ටියකින් සෝලා පැනල් රැගෙන විත් ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් ආධාරයෙන් කර්මාන්ත ශාලවට ගොඩ බාමින් සිටියදී යන්ත්‍රයේ සම්බරතාවය ගිලිහී පැත්තකට බරවී අධික බරකින් යුත් පෙට්ටි දෙක ශරීරය මත වැටී ඇතැයි පොලිසිය කීය.

පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය

පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරය නිලධාරීන්ද  පරීක්ෂණ සිදුකලහ.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ඇතුළු නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සෝලා පෙට්ටි 2ක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site