IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘සෝලා’ ගෙවීම් අඩු කිරීමෙන් රට විදුලි අර්බුදයකට වැටෙනවා

(යොහාන් භාසුර)

වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බවත් මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (27) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.

කිලෝවොට් 500 සිට මෙගාවොට් එක දක්වා සමාගම්වලට විදුලි ඒකකයකට ගෙවන මුදල සියයට එකක් හෝ දෙකක් අඩු කළ ආණ්ඩුව සාමාන්‍ය  පාරිභෝගිකයන්ගේ ගෙවිම් සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කර ඒකකයක ගෙවීම රුපියල් 19 ක් දක්වා අඩුකර ඇති බව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව වහළය මත ‘සෝලා’ පද්ධතිවල විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදල් ගෙවූ බවත් එම ගෙවීමත් සමඟ ජනතාව තුළ වහළය මත ‘සෝලා’ පද්ධති සවිකිරීමේ දැඩි උනන්දුවක් ඇතිවූ බවත් ඒ මහතා කීය.

ජනතාව බැංකු ණයක් ගෙන හෝ තමන් ඉතිරිකරගත් මුදල් යොදා   කිලෝවොට් 20 දක්වා ‘සෝලා’ සවිකළ බව කී ඒ මහතා එම පද්ධතිය සවිකර උනන්දුව වසර හතර පහක් ගතවූ පසු පවුලේ ආර්ථිකයට සහයෝගයක් වන්නේ යැයි ජනතාව බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.

කුඩා සූර්ය බලගාර වහළය මත ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන්  මෙරට විදේශ විනියම එසේත් නැත්නම් ඩොලර් ඉතිරිකරගැනීම පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වූ බවත් කාංචන විජේසේකර මහතා 2022 වසරේ විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව 2024 වන විට මොගාවොට් හාරපන්සියක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ ගිය බවත් ඒ මහතා කීය.

වර්තමාන විදුලිබල අමාත්‍යවරයා කළ යුත්තේ හිටපු ඇමතිවරයා පාවිච්චි කළ වාහනය සහ නිවාස වැනි දේවල් පිළිබඳව සේවීම පසක තබා එම ඇමතිවරු කළ හොඳ සේවල් ඉදිරියට ගෙන යෑම බවත් වෙනත් දේවල් පසුව සොයන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (7)

‘සෝලා’ ගෙවීම් අඩු කිරීමෙන් රට විදුලි අර්බුදයකට වැටෙනවා

dds Thursday, 27 March 2025 03:15 PM

මේ වගේ අවංක දේශපාලුවන්ගේ හෙන්චයියන්ගෙන් ගුටිකාලා ආයෝජකයෝ රට හැරලා යන එක ඊට වඩා බරපතලයි.

:       6       38

අකිල Thursday, 27 March 2025 03:38 PM

මාලිමවේ උන් යන්නෙම අදෙටමයි , මුන්ලිම විශ්‍රාමිකයින්ගේ පොලිය කපලා දැම්මා , දැන් මේක , ඕනෙවටත් වඩා විදුලි බිල අඩුකරලා දැන් එකෙන් වෙන පාඩුව පියවාගන්න මේ වගේ ඔලමොට්ටල වැඩ කරනවා.

:       38       30

රම්බොඩ Thursday, 27 March 2025 04:27 PM

ඒ අඩු කිරීම කළේ මොන පදනම මතදැයි විද්‍යානුකූලව පැහැදිලි කළා නම් හොඳයි. නමුත් එවැනි දෙයක් වෙන්නේ නෑ. ඒකෙන් සෝලා භාවිතයට තිබුණු උනන්දුව අඩුකිරීම විදුලි බල මණ්ඩලයේ අරමුණ විය හැකියි. ඊට හේතු කීපයක්ම තියෙනවා

:       1       2

Roshan Thursday, 27 March 2025 04:45 PM

අනේ යන්න පස් හොරා...

:       1       14

ගුණරත්න Thursday, 27 March 2025 08:14 PM

අර්බුදයකට වැටෙන්න තමයි උන් මේ අර අඳින්නේ, පෞද්ගලික බලාගාර වලින් විදුලිය වැඩිමිලට ගන්න පුළුවන්, කොහොමද ටිකිරි මොළේ. ආණ්ඩුවට සහයෝගය දක්වන ලොකුම ව්‍යාපාරිකයෝ අතර ඔය පෞද්ගලික බලාගාර හිමියෝ ඉන්නවා, ඉතින් තේරුම් ගන්න අමාරුද?

:       13       10

de silva Friday, 28 March 2025 08:55 AM

දේශීය නිෂ්පාදකය ආරක්ෂා කරන්න කියල සහල් වලට ආණ්ඩුව 50% බදු ගහනවා පිගන් ගඩොලට 110% බදු ගහනව , මෙවැනි වටපිටවකදී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදකයාට ගෙවන මුදල් අඩුකරන්න ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක ඓතියක් නැහැ , ඩිසල් රටින් ගෙනත් පරිසරයද විනාශ කරමින් විදුලිය නිපදවන්න ඉංජිනේරුවෝ කොමිස් කුට්ටිය බලාගෙන පිබුරුපත් සකස් කරනවා , ආණ්ඩුවේ ආචාර්ය මහාචාර්යල පාර්ලිමේන්තුවේ සිටියත් ඔවුන්ට මේ ගැන කිසිම වගක් නැහැ . හොර ඉංජිනේරුවෝ සහ අන්ඩුවේ ඉන්න ආචාර්යවරු යාලුවෝ මල්ලි , විශ්ව විද්‍යාලෙදි එකට උද්ගෝෂණ කරපු මිනිස්සු , අපි පරට් බහින්න ඕනේ මේවට විරුධව , පරිසර සංවිධානත් නිදි

:       2       3

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:47 PM

හිටපු විදුලි බල රාජ්‍ය ඇමති උනේ සුදුසුකම් නිසා නොවෙයිනේ, ඒ නිසා නොදන්නා මගුල් කතා නොකර හිටපං !

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 226 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 401 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1014 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 152 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 211 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 180 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 34 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site