(ඉන්දිකා රාමනායක, ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න)
පොලොන්නරුව පුලතිසිපුර කුඹුකන්ආරු ඔය නැරඹීමට ගිය පියෙකු සහ දියණියක් අද (7) පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ලිස්සා ගොස් ඔයට ඇදවැටී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පුලතිසිපුර ඕනෑගම ප්ර දේශයේ විදුහලක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන ආදම් ලෙබ්බේ සාජහන් (46) සහ ඔහුගේ දියණිය වන 12 හැවිරිදි ආදම්ලෙබ්බේ ශාෆියා නැමැති දෙදෙනා බව පොලීසිය සඳහන් කරයි.
කාතන්කුඩි ප්‍රෙද්ශයේ පදිංචිව සිටින දරුතිදෙනා ල පාසැල් නිවාඩුව හේතුවෙන් පුලතිසිපුර ප්‍රෙද්ශයට පැමිණ පියා පෙරවරු 10ග00 ට ඔවුන් යතුරුපැදියේ නංවාගෙන තඹාල ගල්වල හන්දිය ප්‍රෙද්ශයේ පිහිටි කුඹුක්කන්ආරුවඔය නැරඹීම සඳහා සඳහා පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඔය නැරඹීමෙන් අනතුරුව එහි පාලම ආසන්නයේ සිට දියණ’ය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදීත් ඇයගේ පය ලිස්සා ගොස් ඇය ඔයට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
දියණිය ඔයට වැටීමත් සමගම පියා දරුවා බේරාගැනීම සඳහා තැත් කිරීමේදී ප්‍රෙද්ශයේ වැලි කැණීම් හේතුවෙන් ඔහුද ලිස්සා වැලි අතරට වැටි එරි ගිලී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පොලීසියල ප්‍රදේශවාසීන් හා කිමිදුම් කරුවන් යොදවා පැය 4 ට ආසන්න කාලයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අතුරුදන්ව පියා සහ දියණියගේ මළ සිරුර සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 3ක පමණ දුරින් සොයාගෙන ඇත.
මියගිය පියාගේ සහ දියණියගේ මළ සිරුරු පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර හෙට (8) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ෆියෙන් ආ දිය රකුසා තාත්තයි දුවයි බලිගනී