
(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තමාගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියකින් දන්වා තිබේ.
පසුගිය වගා කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් දීම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගත යුතුව ඇතැයි ද නමුත් වී අලෙවි මණ්ඩලයට දිගින් දිගටම මුදල් නොදෙන්නේ නම් අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තබා ගැනීම ඵලක් නැතැයි අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි දෙන්න බැරි නම් වී අලෙවි මණ්ඩලය පවරා ගන්න
Tharindu Wednesday, 14 August 2024 06:26 PM
ආ සුබ උදෑසනක් ලොකු උන්නැහේ .. ඔයාද ඇමැති? අවුරුදු දෙකකට පස්සේ ඇහැරිලා...!
Nilmini Thursday, 15 August 2024 04:48 AM
ලොකු උන්නැහේ පිම්මක් පනින්න කල්පනා කරනවා වගේ කියලා හිතෙනවා... ඔටුන්න හිමි කුමාරයා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා කිව්වාම තමයි මතක්වෙලා තියෙන්නේ...!
මහින්ද Thursday, 15 August 2024 10:11 AM
වී අලෙවි මණ්ඩලයත් ව්‍යාපාරික ආයතනයක් නෙ. බැංකු වලින් ණය අරගෙන වී මිලට ගන්න බැරිද?