
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිල්ලර දේවල් වලට කමිටු පත් නොකරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ජයසේකර මහතාට එරෙහිව පත් කෙරුණු කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා අස්වී ඇති බවට කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු එම ඉල්ලීම කළේය.
මෙහිදී අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
දයාසිරි ජයසේකර මහතාට එරෙහි කමිටුවට ඔබතුමා මාව පත් කළා. ඒ පෙත්සම ගැන විභාග කරන්න. මේක නරක පූර්වාදර්ශයක් වේවි. ඔන්චිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තටත් ඒවි. ඒ නිසා මේ වගේ සිල්ලර දේවල් වලට කමිටු පත් කරන්න එපා කියලා මම කිව්වා.
මම ඒ කමිටුවෙන් ඉල්ලා අස්වුණා. මීට ඉස්සෙල්ලා මනූෂ නානායක්කාරට එරෙහිව ඔය වගේ කමිටුවක් පත් කෙරුණා. අපි ඒ කමිටුවට ගාල්ලේ ඉඳලා එනවා. කමිටුවට වෙච්ච දෙයක් නෑ. ඩයනා ගමගේ ඇමතිතුමියගෙ ක්‍රියා කලාපය සෙවීමට පත් කෙරුණු කමිටුවට දෙපැත්තෙම පැමිණිලි විභාග කරන්න අවසර දුන්නා.
එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රීවරයෙකුට විරුද්ධව පෙත්සමක් දීලා තියෙනවා. එතකොට ඒ සිද්ධිය විමර්ශන කරන්නෙත් මේ කමිටුවෙන්ද. වෙනත් කමිටුවක් දානවාද. මේ වගේ දේවල් අද ඊයේ දේවල් නොවෙයි. සිල්ලර දේවල්. මේ අධිකරණ ඇමතිතුමාගේ ලොකු තාත්තාගෙන් ඇහුවනම් කියාවි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා
කමිටුව පත් කළේ කටඋත්තරවල තියෙන බරපතළකම නිසයි.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිල්ලර දේවල් වලට කමිටු එපා
දේශපාලන පරම්පරා මුග්ධයන් Friday, 06 June 2025 12:03 PM
කරුණාතිලකගේ වචනවල තේරුම තමයි, අපිට ඕන දෙයක් කියලා කරලා ඉන්න දෙන්න, ඒ ගැන හොයන එක තමයි ප්‍රශ්නේ...
මලෙිමාගැත්තා Friday, 06 June 2025 12:38 PM
මට නම් ආමවාතයක් ගියත් කමිටුවක් අවශ්‍යයි. මොකද ලක්ෂ ගාණක් වියදම් කර රිලව් ගැන්නා මෙන්ම, කෝටි ගාණක් වියදම් කර අර කුළියට ගෙනාපු ගුවන් යානය අහසපුරා කැරකුවා මෙන් පොඩි ෂෝ එකක් දැමීමට වෙනත් අවස්ථාවක් නැති බැවිනි. කොටි ටික ගොඩ දමා පක්ෂෙට පුළුවන් තරම් සල්ලි එකතුකර රටට ගියා නම් මට ඇතිය. රට, දැය, සමය බල්ලට ගියාවේ.