
(යොහාන් භාසුර)
යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.
එම මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත්පෙති 9586 (ග්‍රෑම් 4009) ක් අඩංගු වූ බවත් එහි වෙළඳපළ වටිනාකම පිළිවලින් රුපියල් 70,095,000 ක් සහ රුපියල් 95,860,000 ක් ලෙස සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 165,955,000 ක් යැයි තක්සේරු කර ඇති බවත් රේගුව සඳහන් කරයි.
මුලික රේගු විමර්ශනය අවසානයේ එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදුන් බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙල්ලම් බඩු එක්ක කුඩු එවලා
Bishan Friday, 23 December 2022 02:22 PM
මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් නාමල්ට විතරයි කියලා රටේ ඇති කරන්න යන අලුත් පොලිටිකල් ප්‍රෝපගැන්ඩා එකක් මේක... මොවුන්ම ඇතිකරලා මොවුන්ම විසඳන්න හදන රාජපක්ෂ කෝලම්...!
වාසගමFriday, 23 December 2022 03:05 PM
කුඩු ගහන එකාට වාසගමක් නැහැ හලෝ... කුඩු එවන එකාටත් වාසගමක් නැහැ හලෝ... ගැහුවාම තම වාසගම මතක් උනාද හලෝ..??
Prabha Saturday, 24 December 2022 02:41 AM
හලෝ හලෝ කියන්නේ කුඩු ගේන කෙනෙක්ගේ නමක්ද?
surasena Friday, 23 December 2022 03:07 PM
නාමල් එක්ක හෙරොයින් සාදයකට සහබාගී වෙලා තමයි අපෙ අක්කකෙනෙකුට ජීවිතය අහිමිඋනෙ.
sharm warn Friday, 23 December 2022 03:43 PM
මේ තරම් මත්ද්‍රව්‍ය ලංකාවට එන්නේ අනිවාර්යයෙන්ම ගරු කටයුතු අයගේ ආශීර්වාදයෙන් කියලා මුළුරටම.... ආ.. නෑ..නෑ..නෑ... තවමත් වහල් බවින් මිදෙන්න බැරිවෙලා ඉන්න අය සහ ටොයියන් ඇරුණාම ඉතුරු මිනිස්සු සේරම දන්නවා.
පෑල දොර...Friday, 23 December 2022 03:59 PM
වටිනාකම රුපියල් 165,955,000 මත්ද්‍රව්‍ය තොගයට මොකද වුනේ කියලා අපි බලාගෙන ඉඳිමුද? හෙටම පලවෙයිද කියලා... ඒ සියල්ලම විනාශ කරලා දැම්මා කියලා...! හැබැයි පෑල දොරින් නොවේ..!
Prasanna Friday, 23 December 2022 06:12 PM
දැන් පොලිසිය යස අගේට විමර්ශනය කරලා... කුඩු ටික එළියට විකුණලා දාවි...!