(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල වලට සමාන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් සොයා ගන්නා ලදි.
33 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා , ඔහුගේ 26 හැවිරිදි රුසියානු ජාතික බිරිඳ සහ 09 හැවිරිදි පුතා රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යාම අද දපැමිණ තිබේ .
මොවුහු කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි වී සිටිමින් රැසියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක නිරත වී සිටිති .
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ මෙම පිස්තෝල ඇති බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළ පරිලෝකන යන්ත්‍ර ( Scan ) පරීක්ෂාවේ දී අනාවරණය වී තිබේ .
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම රුසියානු ජාතිකයන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් විමසීමකදී මෙම පිස්තෝලවල උණ්ඩ නිකුත් කිරීමට කොකෙකු ( Trigger ) නොමැති බවත් එහෙත් උණ්ඩ ගමන් කරන බටය යකඩ වලින් නිර්මාණය කර තිබීම සැක කටයුතු බවත් ප්‍රකාශ කර සිටී .
එනිසා මෙම පිස්තෝල කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සදහා ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසිය තීරණය කර ඇති අතර , එහිදී මෙම පිස්තෝල සෙල්ලම් ඒවා ද , නැති ද යන තීරණය මත මෙම රුසියානු ජාතික යුවළ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය .
මේ වනවිට මෙම රුසියානු ජාතික යුවළ වෙනුවෙන් මේ වනවිට නීතීඥවරයකු ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ සිටී .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සෙල්ලම් පිස්තෝල රුසියන් යුවළගේ ගමන නවතයි