
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින්දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ.
දෙනෝදාහක් බලා සිටියදී කනේ පහර කෑමට ලක් වීම නිසා කොස්තාපල්වරයා ලැජ්ජාවට පත්ව ඇතැයිද පැවසේ.
කනේ පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආධුනික පොලිස් කොස්තාපල්වරයා අදාළ පොලිස් වසමේ පිහිටි බැංකුවක් ඉදිරිපිට රාජකාරි කටයුතුවල නිරතව නිරත වෙමින් සිටි අතර වාරයේ නිල ඇඳුමෙන් සැරසී පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකු ඔහුට සැලියුට් එකක් ගසා ආචාර නොකළ බවට චෝදනා මෙසේ කනට වැරෙන් පහරක් ගසා ඇතැයි එම පොලිස් ආරංචි ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැලියුට් එක නැතැයි එස්.අයිගෙන් පී.සීට කණේ පහරක්
Nihal Tuesday, 26 September 2023 08:56 AM
පොලිස්පති වුණොත් නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරිලාට කණ පැලෙන්නම ගහනවා...
abaran Tuesday, 26 September 2023 08:57 AM
පොලිසියේ සේවය කරන හැබෑම මහත්වරුන් පිළිබඳව නිසි ඇගයීම සහිතව මෙම කමෙන්ටුව ලියමි. පොලිසියේ ඉන්න සමහරුන්ට කඳ සහ බඩ තිබුණට මොලේ නැතිබව මොනවට ඔප්පුකරන කරුණකි මේ. මේ මෝඩ පොලිස්කාරයා ඉතාම අධික හීනමානයකින් පෙලෙන බව පෙනේ... විනය කඩකිරීමක් වෙනුවෙන් දඬුවම් දෙන ක්‍රමයක් පවතී. මේවගේ අමනයින් විත්තිකරුවන්ට කෙලෙස සලකන්වා දැයි හිතාගැනීමට පිළිවන. මේ වගේ අයට හරිහමන් දඬුවම් දෙන ක්‍රමයක් අපේ රටේ කවදාවත් ඇතිවෙවි යයි සිතිය නොහැකියි. සිදුවන්නේ අන්තර්ජාතිකවම පිළිකුල් කෙරෙන පොලිස් සේවයක් ඇතිවීම පමණි...
කිරිපුතා Tuesday, 26 September 2023 09:22 AM
නිල ඇඳුමින් පිම්බී උඩ යන හිස් මිනිසුන් මෙහෙමයි. ඔවුන් සාමාන්‍ය ජනයාට කෙසේ සලකයිද?
පියනන්ද Tuesday, 26 September 2023 10:19 AM
පොලිසිය සහ හමුදාව තරම් හීනමානයෙන් පෙලෙන වෘත්තිකයන් පිරිසක් තවත් නෑ. අවශ්‍ය තරම් උදාහරන දෙන්න පුලුවන්. බල ධුරාවලිය (hierarchy of power) පවත්වා ගත්තේ නැත්නම් එයාලගෙ මුලු පරිපාලන පද්ධතියම ඩවුන්. පව්, ලොක්කො හිතාගෙන ඉන්නෙ මේ ඇත්තටම උන්ට ගෞරවයෙන් භක්තියෙන් තමා සොක්කො ටික වැඳගෙන සපත්තු ලෙවකාගෙන ඉන්නෙ කියලා.
Bamunuarachchi Tuesday, 26 September 2023 11:38 AM
ඌ වැඩිකල් පොලිස්සියේ ඉන්නේ නැහැ. ඔලුව ඉදිමිච්ච එකෙක්
අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 11:44 AM
බල්ලො පොලිසියට ගියහම ඔහොම හැසිරෙනවා.
පැරකුම් Tuesday, 26 September 2023 11:52 AM
කෝ ඉතිං එස් අයිට දඩුවමක් නැද්ද?
Navi Tuesday, 26 September 2023 01:53 PM
පුළුල් පින්තූරය දෙස බලන්න. අද කිසිම විනයක් නැහැ, SI කෙනෙක් ඒ ගැන හිතලා තියෙන එක ගැන මට පුදුමයි. හීනමානයෙන් නොවේ. ඔලුව ඉදිමිච්ච එකෙක් . විනය කියලා දෙයක් තියෙනවා. පළාත් සභා විනය විරෝධී බව පෙන්නුවා. අද එහෙම දේවල් වෙන්නේ නැහැ. හරි උනත් වැරදි උනත් SI PC ට විනයක් ඇති කලා. පොලිසියේ විනය කියා දෙයක් පිළිපැදිය යුතු බව ඔහුට දැන ගැනීමට එස්අයි කෙනෙක් ඔහුට පාඩමක් උගන්වා ගැනීම හොඳය. දූෂණය පාලනය කිරීමට විනයක් තිබිය යුතුයි
ගමේ එකාලා Tuesday, 26 September 2023 03:07 PM
පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න පොලිස් සුනඛයෙක් වෙන්ඩැති .ලැජ්ජයි .
CK.Lankaputhra Tuesday, 26 September 2023 03:41 PM
දිනපතා ආරංචි දිහා බැලුවම පෙනෙන එකම දෙය නම් පොලිසිය බල්ලටම ගිහිල්ලා කියන එකයි. පොලිස් ඇමති කියන කෙනා හොදයි කුඹුරුවල කුරුල්ලන් එලවන්න පඹයෙක් වගේ හිටවන්න.
Ugitha Tuesday, 26 September 2023 04:29 PM
එහෙම තමයි වෙන්න ඕන.ෆයිල් ඇන් ඕඩර් එක නැතිනම් වැඩක් නැහැ .ඒකයි පොලිස් ,ආමි එකේ වෙනස