2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය’ ‘අඛණ්ඩව දෙවනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව දහවැනි වරටත් හිමිකර ගනිමින් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය පසුගියදා සමත් විය.
ඩයලොග් ආයතනයට හිමිවූ ස්ලිම් ජනතා සම්මාන හරහා කොරෝනා වසංගතය මැද පැනනැගුණු සමාජ අභියෝග මැනවින් අවබෝධ කරගනිමින් සිය පාරිභෝගිකයන්, සහෘදයන්, ප්‍රජාව හා සමස්ත රටවැසියන්ට සහායවීම වෙනුවෙන් ඩයලොග් ආයතනය දැරූ නොමද උත්සාහය සහ කැපවීම් මැනවින් පිළිබිඹු කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.
සියලුම සේවා ක්ෂේත්‍ර අතරින් හොඳම සේවා සම්පාදකයාටිවසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ පිරිනැමෙන අතර, නවීනතම තාක්ෂණයෙන් බලගැන්වී විවිධ අංශ රැසක් ඔස්සේ සැමට ලබාගත හැකි සේවාවන් සැලසීමට ඩයලොග් ආයතනය සතු හැකියාවට කදිම සාක්ෂියක් යැයිද එම සමාගම කියයි. ශ්‍රී ලාංකීය ජනජීවිත සහ ව්‍යාපාර සවිබලගැන්වීම වෙනුවෙන්වූ සිය කැපවීම අගයමින් ඩයලොග් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ වශයෙන්ද ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ අතර, ඩයලොග් ආයතනය මෙම සම්මානය දිනාගනු ලැබුවේ අඛණ්ඩව දහවෙනි වරටයි. 2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලෙහි ලද සම්මාන ත්‍රිත්වය සහ මීට පෙර Brand Finance ආයතනය විසින් පිරිනමන ලදිශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ තුළින් සෑම ශ්‍රී ලාංකිකයකුටම සන්නිවේදනයෙන් සබැඳි අනාගතයක් උදාකිරීම වෙනුවෙන් ඩයලොග් සන්නාමයේ වටිනාකම මැනවින් පිළිබිඹු කෙරේ.
‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය’ තුළින් පාරිභෝගික ප්‍රවණතා හමුවේ සන්නාමයක් කෙරෙහි පවතින විශ්වසනීයත්වය ඇගයීමට ලක්වෙන අතර, එය අර්ථාන්විත වෙනසක අවශ්‍යතාවය මතු කරනවා මෙන්ම, සැමට ලබාගත හැකි නවෝත්පාදන සේවා හරහා ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හඳුනාගෙන ඇත. ජනතා සම්මාන උළෙලේදී ලද ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය “2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහිජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය ‘ අඛණ්ඩව දෙවනි වරටත් වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව 10 වැනි වරටත් දිනාගැනීමට ඩයලොග් සමත්වීම අපට මහත් ආඩම්බරයක් මෙන්ම ගෞරවයක්.
නවීන තාක්ෂණයෙන් සහ විශිෂ්ට සේවා රැසක් තුළින් පාරිභෝගිකයාට වඩා හොඳ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් දීර්ඝකාලීනව අප දක්වන කැපවීම හරහා ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ වුවද නවීනතම තාක්ෂණය සමඟ තිරසර සංවර්ධනයක් උදෙසා අප දරන උත්සාහය මැනවින් පෙන්නුම් කරනවා. ශ්‍රී ලාංකීය ජිවිතවලට සැබෑ ලෙසම ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවූ සන්නාමයක් ලෙස අපව ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක් ගෙන දෙනවා වගේම, මෙම සම්මාන හිමිකරගැනීම මෙන් අර්ථාන්විත සහ විප්ලවීය නවෝත්පාදන හරහාිඅනාගතය අදයි‘ යන අපගේ තේමාව මැනවින් පිළිබිඹු වන බවද සඳහන් කළ හැකීයි.
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ස්ලිම් ජනතා සම්මාන තුනක් ඩයලොග් සමාගමට
Pradeep Saturday, 10 April 2021 04:30 AM
වඩාත් සුදුසුම සම්මානය දීලා නෑ වගේ. පාරිභෝගිකයින්ගේ ඩේටා මංකොල්ල කන එකටත් සම්මානයක් දෙන්න තිබුණා.