IMG-LOGO

සිලෝන් බිස්කට්ස් මයික්‍රොසොෆ්ට් සමග අත්වැලක් ගනී

 

ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළේ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.

මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම ලබාදීමට CBL සමාගම, Microsoft Azure විශේෂඥයන් සමග සමීපව කටයුතු කිරීමට පියවර ගත්තේය.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් සිලෝන් බිස්කට් ලිමිටට් සමාගමේ සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා මෙලෙස සිය අදහස් පළ කළේ ය.  Microsoft Azure සමග අපගේ ගමන සැබැවින්ම පරිවර්තනීය ගමනක්. මෙම බලගතු Cloud සේවාව වෙත මාරුවීම අපගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනවා පමණක් නොව නවෝත්පාදනය සහ වර්ධනය සඳහා නව හැකියාවන් විවෘත කර දෙනවා. මෙය හුදෙක් මූල්‍යමය වාසි පමණක් ලැබෙන පියවරක් නොවෙයි. මෙමගින් අපගේ වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් වන අතර, පාරිභෝගිකයන් වෙත වැඩි වටිනාකම් රැගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. Microsoft සහ එහි හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මේ ගමනේදී අපට අතිශයින් වැදගත් වුණා. ඉදිරියටත් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට අපගේ නිෂ්පාදන විශිෂ්ටත්වය ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.”

595



අදහස් (0)

සිලෝන් බිස්කට්ස් මයික්‍රොසොෆ්ට් සමග අත්වැලක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 563 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 996 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site