IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සෙලාන් බැංකුව සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

'Connecting the Possibilities' යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද සෙලාන් බැංකුවේ වාර්ෂික වාර්තාව, විනිවිදභාවය සහ වගවීම යන මූලික ගුණාංග ඒකාබද්ධ කරමින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වර්ධනයක් ළඟා කරදීම හා ධනය උත්පාදනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකරයි. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සෙලාන් බැංකුවේ මූලික ඉලක්කය වන්නේ, තම පාර්ශ්වකරුවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම අතරම පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින්, ප්‍රජා සත්කාර ඔස්සේ තමන් සිදුකරන සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම ය.

වාර්ෂිකව පැවැත්වෙන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී, වගවීම හා විනිවිදභාවය සම්බන්ධ  මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site