සෙලාන් බැංකුව සහ Daraz.lk අතර ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන්, සෙලාන් කාඩ්පත් හිමියන්ට Daraz.lk වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේ දී දැන් සුවිශේෂී වට්ටම් හිමි වන බව සඳහන් කරයි.
මේ අනුව සෑම සිකුරාදා දිනකම Daraz.lk වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෙලාන් කාඩ්පත් හිමියන්ට සියයට 10 ක වට්ටමක් හිමිවනු ඇත. එක් කාඩ්පතකට වලංගු ගනුදෙනු දෙකක් සඳහා රු. 1,000 ක උපරිමයකට යටත්ව හිමිවන මෙම දීමනාව, සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙන්ම ඩෙබිට් කාඩ්පත් සඳහා ද වලංගු වේ.
එමෙන්ම සෙලාන් කාඩ්පත් හිමියන්ට තම ගනුදෙනුව මාස 12 ක හෝ මාස 24 ක කාලයක් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගැනීමට ද අවස්ථාව සලසා දී ඇත. රු. 10,000 ත් රු. මිලියනයත් අතර ගනුදෙනු මේ ආකාරයට පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම බවට පරිවර්තනය කරගත හැකි වේ.
මීට පෙර ද සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැල වන Daraz.lk සමඟ අත්වැල් බැඳගෙන සිය ගනුදෙනුකරුවන්ට විවිධ දීමනාවන් පිරිනමා තිබේ. ඉතාම පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීමට අවස්ථාව සලසා දෙන Daraz.lk මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවියකි.
595
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සෙලාන් කාඩ්පත් හිමියන්ට Daraz.lk වෙතින් විශේෂ වට්ටම්
අපි නොදන්න ... Thursday, 30 March 2023 12:41 PM
කොහොඹ ගහේ කරිවිල වැල ගියා වගේ කියන්නේ මෙන්න මේවට තමයි. මරු ජෝඩුව.