IMG-LOGO

සෙලින්කෝ ලයිෆ් ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් 10 අතරට

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ.

මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. එම සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුවට ඇතුළත් වූ තෙවැනි අවස්ථාව මෙයයි.  

‘මහජනයාගේ ගෞරවය වඩාත් දිනාගත යුතු සමයක ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුවට ඇතුළත්වීම අපට අතිශය සතුටක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘අසීරු අවස්ථාවලදී ව්‍යාපාර පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි වෙනවා. මෙම ලයිස්තුවේ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට එක් ප්‍රධාන සාධකයක් වන්නේ වසංගතයේ බලපෑම මැද වුවත් අපගේ ගනුදෙනුකරුවන්ගේ අනාගතය අවධානමෙන් මුදා ගැනීම සඳහා අපගේ ප්‍රවේශය මෙන්ම සමාගමේ දැක්ම සාර්ථක කරගැනීමට අප අඛණ්ඩව කටයුතු කිරීම යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම සමාගම් අතර ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් ඇතුළත්වී තිබේ. මේ සඳහා තෝරා ගැනීමේදී මූල්‍ය කාර්ය සාධනයට අමතරව කොටස්කරුවන්ට, පාරිභෝගිකයන්ට, සේවකයන්ට සහ පුළුල් වශයෙන් සමාජයට සිදුකළ අගය එකතු කිරීම සැලකිල්ලට ගෙන තිබේ. මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ මෙම සමාගම්වල තිබෙන ස්ථාවරත්වය, ශක්තිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයයි.   

සෙලින්කෝ ලයිෆ් 2020 වසරේදී රුපියල් බිලියන 150 ක වත්කම්ද, රුපියල් බිලියන 36.9 ක සමස්ත ආදායමක්ද, රුපියල් බිලියන 22.1 ක රක්ෂණ වාරික ආදායමක්ද, රුපියල් බිලියන 106.7 ක ජීවිත අරමුදලක්ද, රුපියල් බිලියන 133.7 ක ආයෝජන කළඹක්ද, රුපියල් බිලියන 8.7 ක බදු වලට පෙර ලාභයක්ද වාර්තා කර තිබේ. 

 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 564 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 997 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site