IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස්

සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ රක්‍ෂණ ඔප්පු හිමියන් 197,131 වෙත පිරිනමා ඇති බවත් එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානය ද අයත් බවත් එම සමාගම සඳහන් කරයි.

2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම මගින්, සමාගමේ මුල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු වන බැව් සමාගම කියයි. එසේම සෙලින්කෝ ලයිෆ් හි සාර්ථකත්වයෙන් ඔප්පුහිමියන් ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳව තවත් උදාහරණයක්ද මෙමගින් නියෝජනය කරන බව, 2022 දී සිය වෙළෙඳපොළ නායකත්වයේ අඛණ්ඩ 19 වැනි වසර සැමරූ බවද සමාගම පවසයි.

‘මෙවැනි අභියෝගාත්මක කාලවලදී අපගේ ප්‍රසාද දීමනා සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපට ඇති හැකියාව, සමාගමේ ආයෝජන කළමනාකරණ විශේෂඥතාවේ ගැඹුර අවධාරණය කරන අතර, දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු විශ්වාසයක්ද ඇති කරයි,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම මෙම ප්‍රසාද දීමනා රක්‍ෂණ ඔප්පුහිමියන්ට හිමිකම් පෑමකදී ඔවුන්ගේ ජීවිත ආවරණය වැඩි කිරීමෙන් අමතර ආරක්‍ෂාවක්ද සපයන බැව්, රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

තිරසාර බව ප්‍රවර්ධනය කිරීමට සහ කඩදාසි නාස්තිය අවම කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් 35වැනි සංවත්සර ප්‍රසාද දීමනා ඇතුළත් වාර්ෂික බෝනස් සහතිකපත් මෙවර කෙටි පණිවුඩ හරහා විද්‍යුත් ප්‍රකාශ ලෙස යැවීමට කටයුතු යොදන ලදී. භෞතික ප්‍රකාශන තැපැල් කරනු ලැබුවේ කෙටි පණිවුඩ හරහා සම්බන්ධවීමට නොහැකි රක්‍ෂණ හිමියන්ට පමණි.

සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් වූයේ රුපියල් බිලියන 191.5ක වත්කම්, රුපියල් බිලියන 45.63ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 134.9ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9ක ආයෝජන කළඹක් ද සමගිනි.

595



අදහස් (2)

සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස්

Amesh Wednesday, 26 July 2023 10:31 AM

මෙය තනිකරම වැරදි සටහනකි. අප හට කිසිම විශේෂ බෝනස් මුදල් ප්‍රදානයක් හෝ වාර්ෂික බෝනස් මුදල් ප්‍රදානයක් ආයතනයෙන් මේ වන තුරු ලැබී නැත. ආයතනයෙන් විමසිඉමක් කල පසු ඔවුන් පැවසුවේ තෝරා ගත් ගිණුම් කිහිපයකට පමණක් බෝනස් මුදල් ප්‍රදානයක් කල බවත්ය.

:       0       6

Ahmed (Gulf) Thursday, 03 August 2023 05:46 PM

රුපියල්. 3,043/66 පුද්ගලයෙකුට ප්‍රසාද දීමනාවක් ලෙසද? ඒක මොන මෝඩ විහිළුවක්ද?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site