IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙල්ඩෝ ඉන්ඩස්ට්‍රීස් හා SN SN Quarts කර්මාන්ත විශිෂ්ටතා රන් හා ලෝකඩ සම්මාන දිනයි

ඌව පළාතේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන ශාන්ත ඉංජිනියර්ස් ඇන්ඩ් ඉන්ඩස්ටී්‍රස් සමූහයට අයත් සෙල්ඩෝ ඉන්ඩස්ට්‍රීස් සහ SN SN Quarts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී රන්  සහ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාර ලෝකය සමඟ අලුත් වෙන ශාන්ත ඉංජිනියර්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම අනර්ඝ තත්ත්වයෙන්, ඉහළ ප්‍රමිතියෙන් සහ විශිෂ්ට නිමාවෙන් යුක්ත රෝලර් ඩෝ, ගේට්ටු, රූෆින් ෂීට්, සුදු යකඩ අත් වැටවල්, වානේ බිල්ඩින් සැකසීම, තහඩු කැපීම, නැමීම සහ රෝල් කිරීම සිදු කරයි.

“අපගේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්ට ඇත්තේ ඉහළ විශ්වාසයක්. එම විශ්වාසය සුරැකීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. එසේම පාරිභෝගිකයන්ට සුහදශීලී සේවයක් සැපයීම අපගේ ප්‍රධානම ඉලක්කයක්. මෙම ජයග්‍රහණයට දායකත්වය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමන්න කැමැතියි.” සෙල්ඩෝ ඉන්ඩස්ටී්‍රස් කළමනාකාර අධ්‍යක්ෂ එම්. ඒ. ටී. එස්. අනුරාධ මහතා පැවසීය. “අප සෑම නව ව්‍යාපාරයක්ම ඉහළම ප්‍රමිතියෙන් සිදු කරනවා. අපගේ නව ව්‍යාපාරය ඔස්සේ රැකියා අවස්ථා රැසක් ජනිත කරමින් ගමට මුදල් ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා.” SN SN Quartsසමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. ශාන්තලාල් මහතා පැවසීය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

සෙල්ඩෝ ඉන්ඩස්ට්‍රීස් හා SN SN Quarts කර්මාන්ත විශිෂ්ටතා රන් හා ලෝකඩ සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site