IMG-LOGO

සොලෙක්ස් සමූහයෙන් කතරගම, ගෝතමීගමට පිරිසුදු ජලය ලබා දීමේ සමාජ සත්කාරයක්

ජල පොම්ප කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන සොලෙක්ස් පසුගිය දා කතරගම ගෝතමීගම ප්‍රදේශවාසීන් සදහා පිරිසුදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කළේය.

මෙම සමාජ ව්‍යාපෘතිය සොලෙක්ස් හි තවත් එක් සන්ධිස්ථානයක් වන අතර මෙම ගම්මානයේ වැසියන් සඳහා “පිරිසුදු පානීය ජලය” ලබා දීමට  හැකියාව මෙමගින් ලැබිණි.

ගෝතමීගම, කතරගම නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයකි. එහි අඩු ආදායම් ලාභී පවුල් 500කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. මෙම ගම්මානයේ පිරිසුදු ජලය සඳහා ස්ථාවර ප්‍රවේශයක් නොතිබූ අතර දූෂිත ජලය පරිභෝජනය කිරීම සාමාන්‍ය සිදුවීමක්ව පැවතුණි. මෙම ව්‍යාපෘතිය සඳහා සොලෙක්ස් නළ ළිඳක් සහ පාලන පුවරුවක් පරිත්‍යාග කර ස්ථාපනය කරන ලද අතර එය අතිශය වියළි ප්‍රදේශයක් බැවින් ස්වාභාවික ජල මූලාශ්‍රයක් සොයා ගැනීම සඳහා අඩි 200 ක ගැඹුරක් කැණීමට සිදුවිය.

සොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ඇය දිගු කලක් මුළුල්ලේ ගෝතමීගම ප්‍රජාවට ජලය සැපයීමේ හිඩැසක් දුටුවාය. මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ කොවිඩ්-19 වසංගතය දැඩිව පැතිර යන කාල පරිච්ඡේදයක බැවින් එම ව්‍යාපෘතියේ සේවය කල සියලු‍ ආයතනික සේවකයන්ට එමගින් දැඩි අවදානම් තත්ත්වයක් පැවතුනි.



අදහස් (0)

සොලෙක්ස් සමූහයෙන් කතරගම, ගෝතමීගමට පිරිසුදු ජලය ලබා දීමේ සමාජ සත්කාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 532 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 959 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site