
(තිලකරත්න දිසානායක)
මිල අධික පාපැදි හතක් ඇතුලුව රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා විවිධ භාණ්ඩ සොරාගත් බව කියන 39 හැවිරිදි මත් ලෝලියකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෙර වැරදි පවතින බව කියන මෙම සැකකරුට විවෘත වරෙන්තු හයක් පවතින බවත් කදාන ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මොහු අධික ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවකු වන අතර සැකකරු ඒ සදහා මුදල් සොයා ගැනීම පිනිස භාණ්ඩ සොරා ගනිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ට අලෙවි කොට තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසයි.
සැකකරු මාකෙවිට, කදාන සහ ජාඇල යන ප්‍රදේශයන්හිදී පාපැදි හතට අමතරව වාහන සේදීමේ යන්ත්‍ර , ගෑස් ලිපක් , රන් මාලයක්, ඩීසල් ලීටර් 10 ක්, හුලං ගැසීමේ යන්ත්‍රයක් , ජංගම දුරකථන ,ලැප්ටොප් පරිගණකයක් , මිල අධික විදේශීය මත් පැන් බෝතලයක් , සපත්තු සහ ටී ෂර්ට් ආදිය සොරා ගෙන අලෙවි කොට තිබියදී සැකකරුගෙන් ප්‍රශ්ණ කොට ලබාගත් තොරතුරු මත සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.
මොහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ මිලි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක්ද සොයා ගත් බවත් පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට හැකි වූ බවත් මේ සදහා මාකෙවිට ප්‍රදේශයේ වැසියන්ගෙන් විශාල සහායක් ලබාදීම සිදු වූ බවත් මෙම තත්ත්වය අගය කරන බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
8
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1995
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සොර දෙටුවෙක් ගම්පහින් අල්ලයි
sam Friday, 23 September 2022 04:01 PM
බලපල්ලා කප්පම් ප්‍රසන්නද කියලා... පට්ට හොරු තමයි...