IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ 51 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකි.

මෙම නිලධාරියා තවත් නිලධාරින් දෙදෙනකුු බාරව පොලිස් තිරෝද  රථය සමග රාත්‍රී ජංගම සංචාරය රාජකාරිය සඳහා ඊයේ (1) රාත්‍රියේ යොදවා ඇත.

අනතුරුව එම තිරෝද  රථය පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබියදී අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්‍ෂණය වීමෙන්පසු  ස්ථානාධිපතිවරයා තිරෝද  රථය පරීක්ෂා කිරීමේදී  සැකකාර සරයන්වරයා බීමතින් තිරෝද රථය තුළ වැතිරී සිට ඇති අතර ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ ඉතිරි වූ මත්පැන් සමග කාලේ බෝතලයක් තිබී හමුවී ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව නිලධාරීන් තිදෙනාම ලුණාව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්  සරයන්වරයා බීමතින් සිට ඇති බවට වාර්තා වී ඇත.

ඒ අනුව බීමතින් රාජකාරී කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (0)

සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site