IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සර්වපාක්ෂික ආණ්ඩුවක පළමු පියවර ජනපති කියයි

(අජන්ත කුමාර අගලකඩ)

රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව, පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව ,එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු යැයිද ජනාධිපතිවරයා පක්ෂ නායකයන් වෙත ඊයේ (27)ලිඛිතව දැනුම් දී ඇත.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.

එබැවින් ,ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද සමග හෙට රැස්වීමට නොවරදවාම සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.

රටේ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම් සලකා බලමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට යැවූ ලිපියේසඳහන් කර ඇත.

මේ අතර ,ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ජනාධිපති මන්දිරයට අද සවස 4.00 ට කැඳවා ඇත.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි යෝජනා කළ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනා ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ,අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ද හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (13)

සර්වපාක්ෂික ආණ්ඩුවක පළමු පියවර ජනපති කියයි

prasheen Thursday, 28 April 2022 07:19 AM

මේ හැමෝම කරන්නේ කල් මරන එක විතරයි. ඉත්තෝ මාරු කරලා මේ ප්‍රශ්නෙට විසදුම් නෑ

:       0       0

Mama Thursday, 28 April 2022 07:42 AM

මෙවැනි පූර්ණ බලය සහිත, අදූරදර්ශී මෙන්ම භිතුවක්කාරී අයෙකු නායකයා ලෙස තබා ගනිමින් කරන කිසිම ආණ්ඩුවකට ගැටලු විසඳිය නොහැක. ස්වාධීන වූවා යැයි පවසන පිරිස සහ තවත් බල හා මුදල් තණ්හා සහිත කීප දෙනෙකු හැරෙන්න විපක්ෂයේ සහයෝගයක් මෙම උප්පරවැට්ටියට හසු නොවනු ඇත. ගොවිතැන විනාශ කලා මෙන්, උද්දච්ච, මෝඩ තීරණ නැවතත් ගෙන, අවුරුද්දක් දෙකකින් පසු මගේ තීරණය වැරදුනා ලෙස කිවහොත් ඒ වන විට අන්තයටම පිරිහී තිබිය හැක.

:       0       0

Kasun De Silva Thursday, 28 April 2022 08:19 AM

මේ කතා කරන්නේ රට ගැන හිතලා මිසක් මහින්දට කැමැත්තෙන් නෙවෙයි. කිසිම හේතුවකට මේ වෙලාවේ අගමැති ජනාධිපති අයින් කරන්න එපා. එහෙම උනොත් කිසිම ආයෝජකයෙක් නැති වෙනවා. කිසිම ආර්ථික මර්මස්ථානයක් ස්ථාවර කර ගන්න බැරි වෙනවා. ඉවසන්න බැරිම වෙලාව තමයි ඉවසිය යුතුම වෙලාව. මම කණගාටු වෙනවා මගේ සගයන්ට මේ දේ තේරුම් ගියත් හැගීම් වලට වහල් වෙලා කටයුතු කිරීම ගැන. කරුණාකරලා රට ගැන සහ ඔබ ගැන ආදරයක් තිබෙනවා නම්, කිසිදු ආකාරයකින් දේශපාලන අස්ථාවරභාවයකට ලක් වන කිසි දෙයක් කරන්න එපා කියලා බොහොම ආදර ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටට අවශ්‍ය රාජ්‍ය පිහිටුවලා අනාගතයේ රට ගොඩ ගන්න කතා කරන අන්දරේලා නෙමෙයි (පර්වත ගල කර උඩ තිබ්බොත් ගෙනියන්නම් වර්ගයේ). තමන්ගේ යුතුකම ගෙදර වත්තේ හරි මහල් නිවසක තිබෙන පෝර බෑග් එකක හරි පොඩි එලවලු ගහක් හරි ඉන්දලා රටේ ආර්ථිකයට ශ්‍රම දායකත්වය දෙන අයයි. කරුණාකරලා වීදි බැහැලා කම්මැලියන්ගේ සටන ඉදිරියට ගෙනියන්න එපා. කරුණාකරලා තමන්ට හැකි නම් ඊ-බේ වගේ වෙබ් අඩවි භාවිතා කරමින් හැකි දේවල් පිටරටට විකුණන්න උත්සාහ ගන්න. ඩොලර් රටට ගේන්න උත්සාහ ගන්න. නොහැක්කක් නොමැත! අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 April 2022 09:25 AM

ජනපතිතුමනි,රට දැන් බංකොලොත් වෙලා ඉවරයි.ඇයි ඔබතුමාලාට රටේ ජනතාවට තියෙන අනේකවිධ කරදර පේන්නේ නැත්තේ... ? අසාර්ථක ඔබතුමන්ලා දැන්වත් ඉවත්ව ගොස් රට ගොඩගැනීමට හැකි පිරිසකට රට බාරදෙන්න.රටේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඔබතුමා හා පොහොට්ටු ආණ්ඩුව බලයේ සිටියොත් හරි කියනා අන්ධ විශ්වාසයෙන් දැන් හෝ ඉවත්වන්න.පොලීසියෙන් නිරායුධ මිනිසුන් වෙඩි තබා මරා දමා තවත් අයට තුවාල කරනවා. රටේ ජනතාවට සාමකාමීව තමන්ගේ ආර්ථික පීඩාව ගැන නිරායුධව කියන්න තරම් නිදහසක් නැතිකර දමලා.දැන් මේ රටේ තියෙන්නේ,හමුදා පොලිස් බලය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙන බිහිසුණු ඒකාධිපති රාජ්‍යයක්.රටේ නීතිඥ ප්‍රජාව හා අධිකරණය,උගතුන්,සමාජ ක්‍රියාකාරිකයන් නොසිටින්නට මේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

මැක්ස් Thursday, 28 April 2022 10:57 AM

මෙම ආරාධනය පිළිගෙන තමන්ට ද රට පිළිබද හැගීමක් ඇති බව ජනතාවට පෙන්වා සිටීමට අනෙකුත් දේශපාලන නායකයන්ට අවස්ථාව ඇත. මස් රාත්තල ඉල්ලා ඩෙගා නටන ගෝල් ෆේස් කල්ලිවලට ද තමන්ගේ විසදුම් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් නොවේද!

:       0       0

IMF Thursday, 28 April 2022 12:28 PM

සාකඡ්ඡා කර කර කල් මරපල්ල .රටට කෙල වෙලා ඉවරවෙනකම්

:       0       0

ana Thursday, 28 April 2022 01:26 PM

ඔය මොක පිහිටෙව්වත් වැඩක් නැහැ. රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රිකරණය නොකළොත්. ඒ වාගේම ආර්ථික ක්‍රියාවලිය ද එලෙසම විය යුතු ය. රාජ්‍ය සේවය හා අධිකරණය අනවශ්‍ය අත පෙවීම් වලින් නිදහස් විය යුතු ය. ඒ වාගේම වර්තමාන ආර්ථික තත්වයන් ගොඩ එන්නනම් නිෂ්පාදනය වැඩි දියුණු කළ හැකි විය යුතු ය. වැව් වටේ ගල් අල්ලන්න යනවා වගේ පුහු වැඩවලට ණය ගැනීම නොකළ යුතු ය. ඒක නම් ගෝටාගේ මාර පිස්සුවක්. සර්ව පාක්ෂික රජයකත් ඒ පිස්සුවම කෙලියොත් තමා වැඩේ.

:       0       0

Sisil Thursday, 28 April 2022 01:52 PM

මේ ජනාධිපති පුටුවේ ඉන්න ගෝඨාභයට මහජනතාව කියන දේ තේරුම් ගන්න බැරිද..?මේ රාජපක්ෂලා මේ රටට පුදුම කරුමයක් වුණා.

:       0       0

kamal Thursday, 28 April 2022 02:25 PM

මෙසැරේත් ෆේල් සර්. ගෝ හෝම්.

:       0       0

darma Thursday, 28 April 2022 02:29 PM

මාසයක් තිස්සේ ඕක තම ස අපි කිව්වේ,දෙය්යන්ගේ නාමෙට ඒකට නම් පවුලේ අය ගන්න එපා. ගත්තොත් ඔක්කොම කනවා.

:       0       0

Soma dubayi Thursday, 28 April 2022 02:50 PM

අපිට ඕනෙ මහින්ද මහත්තයා ගේ ආණ්ඩුවක් විතරයි ,සර්වපාක්ෂික කතා අපිට එපා,

:       0       0

සෙනවි Thursday, 28 April 2022 03:02 PM

දීප ව්‍යාප්ත ජනඅරගලයේ තේමාව ජනාදිපති ඇතුළු පාර්ලිමේන්තුවම යායුතු බවයි. එයවත් නොතේරෙනවානම් අරගලය නොනවත්වා ඉදිරියටම යාවි. රාජපක්‍ෂල ගියොත් රට අරාජික වේවිලු.අරාජික වෙන්න තව ඉතිරිවෙල නැහැ.

:       0       0

Siri Friday, 29 April 2022 03:16 PM

මෛත්‍රී කවදාවත් ගෝඨාට විරුද්ධව යන්නේ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 268 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 130 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 622 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 155 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 713 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 334 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site