(ඩයනා උදයංගනී)
සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ විධායක සභා ඇතිකිරීම, විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය අතර විවිධ පාර්ලිමේන්තු තනතුරු හා ආයතනවල නායකත්වයන් බෙදීයාම පිළිබඳවත් මෙහිදී ලබන සතිය දෙක ඇතුළත අවසන් තීරණයකට එළඹිය හැකිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සර්වපාක්‍ෂික වැඩපිළිවෙලකට අදාළව පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධ විස්තරාත්මක වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ඇමතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් ඇතිකරගෙන සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යන බවත්, ඒ යටතේ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡා සඳහා සහභාගී වූ පක්‍ෂ, පුද්ගලයන් ආදිය පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සර්වපාක්ෂික ආණ්ඩුවක තනතුරු ගැන ඉදිරි සති දෙක තුළ තීරණයක් ගත හැකිවේවි
චිරන්ත Tuesday, 16 August 2022 05:13 PM
බලලෝභී දේශපාලුවො සිටින ලංකාවෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා බොරු .ඒක හරියට ලාහට ගෙම්බො එකතුකරනවා වගේ වැඩක් .එහෙම තව තවත් කාලය නාස්ති කරමින් ඉන්න වෙලාවක් නොවෙයි රටේ තියෙන්නෙ .ගන්න තීරණයක් වහාම ගන්න .බුදුහාමුදුරුවෝ දේශනා කලේ අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං කියලා .එයින් කියන්නෙ පමාවූවෝ මළවුන් වැනිය කියලා .තමනුත් මැරිලා රටත් මරණ්න එපා මිනිසුනේ .මේ වේලාවේ කල්මරණ්නෝ කිසිදාක පාලනය සදහා නොගත යුතුය
fairoos Tuesday, 16 August 2022 05:55 PM
පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න බෑ. නිකන් කාලය නාස්ති කරන්නේ නැතිව ඡන්දයක් තියමු...
ravin Tuesday, 16 August 2022 07:01 PM
රට හදන්න එක්වන්න තනතුරු ඕනේ කියනවා නම් එතැන කෙරෙන්නේ රට හැදීම කෙසේවෙතත් තමා හැදෙන්න බලන එක. පහුගිය යුද්ධ කළේ අපේ කොල්ලෝ කෙල්ලෝ ඔය විදියට හිතුවනම් තාමත් අපි යුද්ධ කරනවා. කැලේ මාරු වුණාට කොටින්ගේ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියන්නේ ඕකට තමා.
කල්පනා Wednesday, 17 August 2022 06:52 AM
වර්තමානයේ මිනිසුන්ට කාලය නොවටිනා වුනත් අතීතයේ මිනිස්සු කිව්වේ කාලය රන් හා සමානයි කියලා .මාසෙකට තියෙන්නේ සති හතරක් පමණයි සති දෙක මාස භාගයයි.නැත්නම් අවුරුද්දෙන් විසි හතරෙන් එකයි.පැය 336යි.රට මෙතරම් ප්‍රපාතයකට වැටිලා තියෙද්දි (සති) දෙක දෙක කියන්නේ නැතුව පස්ස කැඩුණු කඩියො වගේ වැඩ කිරීමයි කරන්න ඕන ඔය කියන දෙකෙත් බැරිවුනොත් මොකද කොරන්නේ නුඹලා වගේ 70 පැනපු එවුන්ට කාලය නොවටිනා වුනත් අනාගතයේ රට භාරගන්න සිටින දරුවන්ට කාලය වටිනවා ඒ ගැන හිතපල්ලා කාලය කකා නොසිට කාලකණ්නි නොවී නුඹලාට බැරිනම් වහාම මැතිවරණය තියලා කරන්න පුළුවන් එකෙකුට දීපල්ලා
ගමේ එකාලා Wednesday, 17 August 2022 01:28 PM
රනිල්ට ඡන්දේ දීපු දූෂිත දේශපාලුවන් සෙට් එක තනතුරු අරන් ගොඩයන්න බලන් ඇති. දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී ආත්මාර්ථකාමී දේශපාලුවන්ට තණ්හාවට වැඩිය දෙයක් නැහැ...