
සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර ඓතිහාසික ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේ දී මැදින් පුන් පොහෝ දා පැවැත්විණි.
“සදහම් සැරිසර“ විශේෂ සජීවි පෝයදින වැඩසටහන එදින මුළුල්ලේම සංඛපාල රජමහා විහාරයේ පැවැත් වූ අතර එහිදී සූර්යා නිවස, සූර්යා සුවඳ කූරු බැතිමතුන්ට නොමිලේ බෙදා දුන්නේය.
සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර දුරුතු පොහෝදින ඓතිහාසික කැලණිය රාජමහා විහාරයෙන් ආරම්භ කළේය.
විශේෂ සජීවි පෝය දින වැඩසටහනක් වන “සදහම් සැරිසර“ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ඛේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් සූර්යා සුවඳකූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් සූර්යා නිවස කටයුතු කරනු ලබයි.
සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි ගෞරි රාජන් මෙනවිය පැවසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.
දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදයනක්වන සූර්යා සුවඳ කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින්ඉවෙළෙඳපොළට හදුන්වා දී ඇත.
මෙවර සංඛපාල විහාරයේදී සිය සද්කාර්ය ඉටු කළ අයුරු ඡායාරූප වලින් දැක්වේ.





2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්යා සුවඳකූරු සංඛපාල යයි
පිටිගල මිලානෝ Saturday, 11 March 2023 01:59 PM
රෙදිපිලි, සරුව පිත්තල, කිරිපිටි, පුන්නක්කු වෙළෙන්දෝත් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා පෝයදාට පන්සලට ගිහින් මේවාගේ සාම්පල් බෙදලා තමන්ගේ නිෂ්පාදන ප්‍රමෝට් කරන්න පටන් ගත්තා නම් මරු නේද?
SenakaSaturday, 11 March 2023 05:50 PM
ඔයාලා පල්ලියේ කරන දේවල් පන්සලේත් ඒ විදියටම කරන්න ඕන නෑනේ පිටිගල. අනිත් එක ඔයා කන දේවල් නෙමේ අපේ මිනිස්සු කන්නේ.
රමණිSaturday, 11 March 2023 09:15 PM
ඔහෙ කියන්නේ පෝයදාට පන්සලේ මාර්කටින් කැම්පේන් කරන එක හරි කියලාද?
SenakaSunday, 12 March 2023 05:56 AM
ඉතින් මොකද වෙන්නේ...? නරක දෙයක් නෙමේනේ විකුණන්නේ. හඳුන්කූරු... ඒකත් මිනිස්සුන්ට මෙදා නිකන් දීලා තියෙන්නේ...! හොඳ දෙයක් නම් මිනිස්සු ඒක දිගටම ගනිවි...
මහසෙන් Saturday, 11 March 2023 11:52 PM
හෝව් ගොනා... දන්න නොදන්න ඔක්කොටම තප්පුලන්නැතුව පුන්නක්කු ප්‍රමෝශන් එක එනකං හිටු.
නන්දන පනා-මිලානෝ Saturday, 11 March 2023 02:18 PM
බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දේශනා කර වදාලේ සසර දුකින් මිදීමට උන්වහන්සේ දෙසූ මගේ යාමට මිසක් අමාරුවෙන් හරිහම්බකරපු තුට්ටුදෙක හඳුන්කූරු, තෙල්, මල්, කඩෙන් පන්සලට සහ පන්සලෙන් කඩේට චක්‍රීයකරණය වන අටපිරිකර වලට වියදම් කරගෙන පෝයට පන්සල් යාමට නොවේ.
AlfreadSaturday, 11 March 2023 07:58 PM
එක්කෙනාම නේද මේ නම් 2කින් කමෙන්ට් කරලා තියෙන්නේ. ඈ බොල පිටිගල තමුන්නැහැ වෙන ආගමක්නේ අදහන්නේ...? මොකද තමුන් බෞද්ධයින්ට බණ කියන්න යන්නේ. මේ වගේ අය තමයි ආගමික සහජීවනෙත් කන්නේ. එයාගේ ආගම ගැන දන්නෙත් නෑ, අනිත් එක්කෙනාගේ ආගම ගැන මේලෝකෙ දෙයක් දන්නේ නෑ. රැඩිකල් බව පෙන්නන්න හදන මෝඩ මිනිස්සු.
ගමේ එකාලා Saturday, 11 March 2023 04:03 PM
හරිම සැදැහැවත් බෞද්ධයෝ. ඔය සුවද කූරු පස්ස දොරින් කඩවලට යන්නත් බැරි නැහැ.
DeshanSunday, 12 March 2023 06:02 AM
බෞද්ධයෙක් හඳුන්කූරක් පත්තු කරත් ඒකෙත් ඇදක් දකින මිත්‍යා දෘෂ්ඨික විකාරයක්... ජවිපෙටම හොඳයි ඉතින් මේ වගේ ජරා ගොඩවල්...
ඇම්.කරුණාදාස, දොරපනේ Sunday, 12 March 2023 08:18 AM
බුදුහාමුදුරුවෝ ශික්ෂා පද පනවා තියෙනවා මල්, ගඳ, සුවද විලවුන් එපා කියලා... ඒ වගේම නැටුම්, ගැයුම්, වැයුම් එපා කියලා.. ඉතින් බුදුවදන අනුව ප්‍රතිපත්ති මත කටයුතු කරන්න හඳුන්කූරු අවශ්‍යද කියලා සිතන්න වෙනවා. ලංකාවේ සමහරක් කාන්තාවන් සියලු පව් කරනවා... ඉන් පස්සේ මලක් පහනක් දල්වා නිවන් යන්න බලාගෙන ඉන්නවා දඹදිව ගියාම ආනන්තර්‍ය කර්මය අහෝසි වෙනවා කියා සිතාගෙන සතුන් පමණක් නොවෙයි, මිනිස්සු මරණයට පත්කිරීම සඳහා උගුල් අටවනවා..