IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සූර්ය විදුලිබල උත්පාදකයන්ගේ පෙත්සම කැඳවීමට නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

සූර්ය විදුලි බල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනකු ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ පෙත්සම කැඳවීණ .

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අගෝස්තු 04 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

වහල මත සවිකරන සූර්ය බල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම ලේකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු පසුගිය ජූලි මස පළමුවැනිදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ විදුලි බල පනත අනුව මෙවැනි මිල අඩු කිරීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ගත යුතු වුවත් කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවට චෝදනා කරති”

එමෙන්ම අදාල ගාස්තු අඩුකිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම් දී ඇතත් එය ක්‍රියාත්මක වී නොමැති බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මේ ආකාරයෙන් ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවද පෙන්වා දෙති” එහෙයින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ පෙත්සම අසා නිම වනතුරු ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති”

 



අදහස් (1)

සූර්ය විදුලිබල උත්පාදකයන්ගේ පෙත්සම කැඳවීමට නියෝගයක්

Neel Thursday, 26 June 2025 02:19 AM

මාර වැඩේ ලංකාවට වුණේ. හැම දෙයක්ම කරන්න ඉස්සර අනාගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site