IMG-LOGO

සූර්ය ග්‍රහණය මිලියන ගණනක් නරඹලා

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ සූර්ය ග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළේය. යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.

මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රිත නගරයට ඉතා පැහැදිලිව සූර්ය ග්‍රහණය දිස් වූයේ මිනිත්තු කීපයක් දහවල රැය බවට පරිවර්තනය වෙමිනි. මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නැරැඹීමට උනන්දු විය.

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

සූර්ය ග්‍රහණය මිලියන ගණනක් නරඹලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1590 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site