
( බී.ජී. චතුරංග )
එප්පාවල - කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද (4) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් කල මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, කුඩා බිළිඳකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව එප්පාවල පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. චන්ද්‍රලතා නැමැති 58 හැවිරිදි සිව් දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නැමති 38 හැවිරිදි තිදරු මවකි.
එප්පාවල සිට කැකිරාව දෙසට සැරයන්වරයා පැදවූ වෑන් රථය , කැකිරාව දෙස සිට එප්පාවල ප්‍රදේශයට පැමිණෙමින් තිබූ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ දියණියගේ සැමියා හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදරට ගොස් නැවත ගල්ගමුවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.