IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සුරූපී කත ව්‍යාපාරිකයාගේ පවුම් 39 පැහැරගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සුරුපී කාන්තාවක් කඩුවෙල කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට ගෙන්වා මත් දියරයක් බොන්නට දී සිහිසුන් වූ පසු ඔහු සතුව තිබූ පවුම් 39 බර රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන්ම පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

ව්‍යාපාරිකයාගේ එම මෝටර් රථය ඉංගිරිය අරකාවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදි සොයාගත් බව ද පොලිසිය කියයි. 

එම මෝටර් රථයේ  රුපියල් ලක්ෂ 19ක මුදලක් තිබී ඇතත් එම මුදල් කොල්ලකාරියට අසුවී නොමැති බව ද පොලිසිය පවසයි.  

සොරා ගත් රන් භාණ්ඩ අතර පවුම් 25ක් බර රත්තරන් මාලයක් ,මැණික් ගලක් අල්ලන ලද පවුම් 6 ක් බර මුද්දක් හා මැණික් ගලක් අල්ලන ලද පවුම් 8 බර පෙන්ඩන් එකක්ද වන බව පොලිසිය කියයි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයකු කාමරයේ ඇඳක් මත සිහිසුන්ව වැතිරී සිටින බවට ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හෝටලයක කළමනාකරුගෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම හෝටලය කරා ගොස් එම පුද්ගලයාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි

හෝටලයේ කළමනාකරු සහ සේවකයන්ගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී එකී කාන්තාව පමණක් මෝටර් රථයෙන් පිටව ගිය බවට දැනගන්නට ලැබුණු බව පොලීසිය කියයි

රෝහල්ගත කළ එම පුද්ගලයා ට සිහිය ලැබීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකු ලබාදුන් දුරකථන අංකයක් අනුව කාන්තාව දිනකට පෙර දැන හඳුනා ගත් බවත් තමන් පැළඳ සිටි පවුම් 39 ක් බර රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බවත් තමන් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය ද නොමැති බවත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

අදාල හෝටලේ ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා හෝටලයේ ආලින්දයේ වාඩිවී කතා බස් කරමින් යමක් පානය කරන අයුරු සටහන්ව තිබෙන අයුරුත් මද වේලාවක් තුළදී කාන්තාව ව්‍යාපාරිකයා ව වත්තන් කරගෙන කාමරයක් තුළට ඇතුළු වන අයුරු සටහන්ව ඇත. ඉන් මද වේලාවකට පසු කාන්තාව පමණක් කාමරයෙන් පිටවෙන අයුරුත් එම කැමරාවේ සටහන් වී තිබූ බව පොලිසිය කියයි

 

 



අදහස් (5)

සුරූපී කත ව්‍යාපාරිකයාගේ පවුම් 39 පැහැරගනී

කිරි පුතා Monday, 21 February 2022 05:14 PM

නොදන්නා දියට බහින්න එපා කියන්නෙ ඕකනෙ

:       0       0

යෝගා Monday, 21 February 2022 06:06 PM

ටෙලි නිළියක්ද කියලා හොයලා බලන්න...?

:       3       24

sugath Monday, 21 February 2022 06:18 PM

ඔය තියෙන්නේ කාමයෙහි වරදවා හැසිරීමේ පල විපාක. පොලිසිය මෙවැනි මිනිසුන්ගේ අමනකම් වලට කාලය නාස්ති නොකළ යුතුයි.

:       5       47

පැරකුම්් Tuesday, 22 February 2022 04:24 AM

වල්කමේ යනඋන්ට ඔහොම වෙලා මදි…!

:       0       0

sampath Wednesday, 23 February 2022 12:27 AM

සුරූපිනිය දැක්කාම කාගෙන් හරි ණයක් ඉල්ලන් එන්න ඇති.. යස වැඩේ ඔය වගේ නොහොඹිනා වැඩ කරනවට...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site