(එච්. චන්දන)
දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බව පුත්තලම මූලික රෝහල කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාම්පූරියේ දළුව පදිංචිව සිටි නහන්දිලගේ අදීස විදුසර ප්‍රනාන්දු (අවු:13) නම් පිරිමි දරුවෙකි.
මෙම දරුවා දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමුකාර ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට යවමින් සිටි සරුංගලය විදුලි රැහැනක පැටලී ඇත. විදුලි රැහැනේ පැටළුණු සරුංගලය බේරා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලිය සැර වැදී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරා ගෙන ප්‍රතිකාර සදහා ඊයේ (27) සවස රෝහල් ගත කර තිබේ.
රෝහල් ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරුංගලය විදුලි රැහැනේ පැටලී දරුවා රෝහලේ
Bunny Preena Monday, 28 August 2023 01:14 PM
හුළං තියෙන මේ කාලයේ බොහෝ දරුවන් සරුංගලයත් එක්ක තමයි කාලය ගත කරන්නේ... එම දරුවන් ගැන වැඩිහිටියන්ගේ අවධානය මදි නිසා වළක්වා ගත හැකි මෙවැනි අනතුරු සුලබව සිදුවෙනවා. වැඩිහිටියන් මෙම කරුණ සම්බන්ධව අවධානය යොමුකළොත් හොඳයි...
Perakum Monday, 28 August 2023 01:23 PM
ලමයි විතරක් නෙවෙයි වැඩිහිටියොත් මේ වැරැද්දට හවුල්. දැන් රට පුරාම සරුංගල්. අනාරක්ෂිත තැන්වල සිට සරුංගල් නොයවන ලෙස ජනතාව දැනුවත් කිරීම පාලකයින්ගේ වග කීමකි.