(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ.
මහා සංඝරත්නය,ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හා සිරගත කර සිටින, හිටපු හමුදා නිලධාරියෙකුගේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටින දියණියක්ද, මෙම පා ගමන සඳහා සහභාගී වී සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙලේ බලේ ජාතික සංවිධානයේ සභාපති හා කැඳවුම්කරු වන කිරිඇල්ලේ සුදම්ම ජෝති හිමියන්,
"අද දින රුවන්වැලිසෑ පින්බිමෙන් ආරම්භ කළ මෙම පාද චාරිකාව කතරගම කිරි වෙහෙර දක්වා ගමන් කිරීමට නියමිතයි. දසක තුනක පමණ කාලයක් පැවති මේ කුරිරු, ම්ලේච්ඡ, ත්‍රස්තවාදී යුද්ධය මුලිනුපුටා දැමු හොඳම මොළකරුවන්, වන සැරයන් සුනිල් රත්නායක, සැරයන් ප්‍රියන්ත රාජකරුණා, මේජර් ඩික්සන් රාජමන්ත්‍රී ඇතුළු පිරිසක් මේ වන විට සිරගත කර තිබෙනවා. මේ වන විට ඇතැම් අයට මරණ දණ්ඩනය පවා නියම කරල තිබෙනවා. ඒ අය නිදහස් කරන්න ආශිර්වාදයක් විදිහට තමයි මේ පාද යාත්‍රාව අද අනුරාධපුරයෙන් ආරම්භ කළේ.
මේ පාද යාත්‍රාවේ ආබාධිත රණවිරුවන් කීපදෙනෙකු ඔවුන්ගේ පවුල්වල උදවිය දරුවන් කිහිප දෙනෙක්ද ගමන් කරනු ලබනවා.
විශේෂයෙන් අපි රජයට කියා සිටින්නේ මේ පාද යාත්‍රාවට වැරදිලාවත් කතරගමට එන්න ඉඩ තියන්න එපා කියලයි. එසේ ඉඩ තිබ්බ හොත් මේ රැල්ල, කැරැල්ලක් බවට පත් වෙන්න පුළුවන් කියලා අපි අනතුරු අගවනවා. ඒ තත්ත්වයට පත් කරන්න එපා. අපි අවසාන වතාවටත් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සිරගත කර සිටින රණවිරුවන් හට නිදහස ලබා දෙන්න කියලයි. නැතිනම් ජනාධිපති සමාව හෝ ලබා දිය යුතුයි."

2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි පාගමනක්
shan saudi Sunday, 25 November 2018 12:53 PM
පොඩ්ඩක් ඉන්න සිරගත කොටි සාමාජිකයින් නිදහස් කරලා රණවිරුවෝ ගැන බලන්නම්... එයාලා නිදහස් කළාට ඡන්දෙ ලැබෙන්නේ නැහැනේ...