
යුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු රැගත් රුසියන් හමුදාවට අයත් ගුවන් යානයක් රුසියන් යුක්රේන දේශසීමාවේ, බෙල්ගොරොඩ් නමැති පළාතේ ගම්මානයක් ආසන්නයට කඩා වැටුණි.
යුද සිරකරුවන්ට අමතරව, ඉලුෂින් අයි.එල්. 76 වර්ගයේ එම ගුවන් යානයේ, නියමුවන් ඇතුළු හමුදා නිලධාරීන් නව දෙනකු සිට ඇත. අනතුරින් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ බව රුසියාව පවසයි.
රුසියාවත් යුක්රේනයත් අතර යුද සිරකරුවන් හුවමාරුව සිදුවන අතර, ගුවන් යානයේ සිට ඇත්තේ, එසේ හුවමාරුවක් සඳහා රැගෙන යමින් සිටි යුක්රේන ජාතික සිරකරුවන් පිරිසක් බව ද පැවැසෙයි.
රුසියන් හමුදාව චෝදනා කර ඇත්තේ යානය කඩා වැටුණේ යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් බවය. රුසියන් ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි තමන් දැනුවත්ව නොසිටි බව යුක්රේන බුද්ධි අංශ පවසා ඇත.
අනතුරින් යුක්රේන සොල්දාදුවන් මියයෑම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී රුසියාවට දොස් නගා ඇත. ඒ, යුක්රේන සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙනි.
ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ද යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇත.
ගුවන් යානය හිටිහැටියේ ගිනිගෙන දැල්වී, ගිනි බෝලයක් මෙන් පහළට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. යානය කඩා වැටුණේ යබ්ලෝනෝවා නමැති ගම්මානය අසලටය. මෙම ගම්මානය ඇත්තේ බෙල්ගොරොඩ් පළාතේ, බෙල්ගොරොඩ් නුවර සිට කිලෝ මීටර් 70 ක් පමණ දුරිනිය. යානය කඩා වැටුණේ යුක්රේනයේ වේලාවෙන් උදෑසන 11ට පමණය.
ගුවන් යානයේ යුක්රේන යුද සිරකරුවන්ට අමතරව, රුසියන් හමුදාව භාවිතයට ගන්නා එස්.300 ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාර ප්‍රවාහනය කරමින් තිබුණු බව ද පැවැසෙයි.
ඉලුෂින් අයි.එල්. 76 වර්ගයේ ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනයටත් හමුදා සොල්දාදුවන් ප්‍රවාහණයටත් යොදා ගනී. ටොන් 47 ක බරක් රැගෙන යා හැකිය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරකරුවන් 65 ක් රැගත් රුසියන් යානයක් කඩා වැටෙයි