‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් ‘පුත්තලම නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අද (16) ආරම්භ කෙරිණි.
ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
අද (16) සිට ලබන 23 වැනිදා තෙක් දින 08 ක් පුරා මෙම වැඩසටහන පුත්තලම, එළුවන්කුලම්හි, ගඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වෙන අතර, හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.
ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවීණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද මෙම පාඨමාලාවේ උපදේශකවරුන් ලෙස කටයුතු කරයි.
හමුදා පුහුණු අධියර යටතේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් සහභාගිවන අතර, සිවිල් අධියර යටතේ ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගී වී සිටී.
නාවික යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානයේ වත්මන් අධ්‍යක්‍ෂක, ගෲප් කපිතාන් (විශ්‍රාමික) ෆර්සාන් හෂීම් මහතා ඇතුළු කණ්ඩාමක් මෙම වැඩසටහන සංවිධාන කර තිබේ.
(36698)












(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්‘ පුත්තලමේදී