IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සෝයා කුඩු’ විශේෂ ටෙන්ඩරය හිටිහැටියේ අවලංගු කරලා

(යොහාන් භාසුර)

රාජසන්තක කළ ‘සෝයා කුඩු’ මෙට්‍රික්ටොන් 157 කට අධික ප්‍රමාණයක් අළෙවි කිරීමට කැඳවා තිබූ විශේෂ ටෙන්ඩරයක් යෝජනා කැඳවීම අවසන් කිරීමට මිනිත්තු 20 ක් තිබියදී ටෙන්ඩරය අවලංගුකිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම දැඩි අසාධාරණයක් යැයි ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළ ඇතැම් සමාගම් චෝදනා කරයි.

අදාල විශේෂ ටෙන්ඩරයට යෝජනා ඉරිපත් කිරීම ඊයේ (14) පෙරවරු 10.30 ට අවසන් වීමට නියමිත තිබුණ ද පෙරවරු 10.10 ට ටෙන්ඩරය අවලංගු කළේ යැයි රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළ බවත් මෙරට ඉහළම දේශපාලඥයෙක්ගේ බලපෑමෙන් මුදල් අමාත්‍යංශයට සම්බන්ධ උසස් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙය වී ඇති බවත් එම සමාගම් පවසයි.  

ඇමරිකාවේ සිට පසුගිය වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට ළගාවීමෙන් පසුව රාජසන්තක කළ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා මෙම ‘සෝයා කුඩු’ කිලෝග්‍රෑම් 157,717 ක තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික වටිනා බවත් එම තොගය දේශපාලඥයෙක්ට සම්බන්ධ සමාගමට ගැනීම සඳහා මෙසේ ටෙන්ඩරය අවලංගු කළ බවත් සමාගම් සඳහන් කරයි.

මෙම විශේෂ ටෙන්ඩරයට ‘සෝයා කුඩු’ තොගය සහ ගස්ලඹු තොගයක් ඇතුළත් වූ අතර ගස්ලඹු තොගය නියමිත පරිදි ටෙන්ඩරය හරහා විකිණීමට නියමිත බව කියන ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළ සමාගම් නියෝජිතයෝ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සමාගම් කීපයක් මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාසිදුවී ඇති බව ද සඳහන් කරයි.

මෙම ටෙන්ඩර්ය විශේෂ ටෙන්ඩරයක් වීම හේතුවෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හිතුමතේ ටෙන්ඩරය අවලංගු කිරීම දැඩි අසාධාරණයක් බව ද කී එම සමාගම් රේගු ටෙන්ඩර් සම්බන්ධයෙන් දේශපාලන සහ මුදල් අමාත්‍යංශ බලපෑම් එල්ල වීමෙන් නිරන්තයෙන් මෙවැනි අවලංගු කිරීම් වන බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ටෙන්ඩර් කැඳවීම් අවලංගු කිරීමට රේගුවට නීතිමය බලයක් ඇති බවයි. 



අදහස් (1)

‘සෝයා කුඩු’ විශේෂ ටෙන්ඩරය හිටිහැටියේ අවලංගු කරලා

උකුස්සා Friday, 15 March 2024 08:26 PM

රේගුවේ ලොක්කා දේශපාලු හොරාගේ කෝල් එක ලැබුණු ගමන් දණ ගහගෙන.. එහෙමයි සර් එහෙමයි.. සෑර්.. කියනවා නම් ඔය සොයා කුඩු ඔක්කොම හෙට ගෙදරටම එවන්නම්. ඒ වෙනුවට ලී කුඩු දාමු... කිව්වලු නේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site