IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සියැට් වෙතින් සුව සැරියට දායකත්වය

ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතා සඳහා  සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත.
  
සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කර ඇතැයි එම සමාගම කියයි.
  
සුව සැරිය ගිලන් රථ දිනකට අවම වශයෙන් කිලෝමීටර් 25,000ක් ධාවනය කරන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම උදෙසාය. ගිලන් රථ සේවාවට අයත් ටයර් බවට හඳුනා ගැනීම සඳහා සියැට් ටයර්වල පැති බිත්තිවල ‘1990’ අංකය සහිතව සියැට් ‘රයිනෝ ප්ලස්’ ටයර් නිෂ්පාදනය කිරීමට සියැට්-කැලණි ඉදිරියේදී කටයුතු කරනු ඇත.
  
‘සුව සැරිය ගිලන් රථ සේවාව මගින් මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවී ඇති අතර, ටයර් මිලෙන් සැලකිය යුතු ඉතිරියක් සිදුකිරීමට සුව සැරිය පදනමට උපකාර කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. එමගින් ඉහළ යන වියදම් හේතුවෙන් සේවාව අඩපන වීම මගහරවා ගත හැකි යැයි අප විශ්වාස කරනවා. මෙම ටයර් නිෂ්පාදනය කර ඇත්තේ, විශ්වාසනීයත්වය සහ දේශීය තත්වය තුළ විශිෂ්ට ලෙස හැසිරවීම සඳහා වන අතර, එහි ගමන් කරන්නන් සඳහා ආරක්‍ෂිත ධාවනයක්ද සහතික වනවා,’ යැයි සියැට්-කැලණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.
  
‘සුව සැරිය පදනම’ 2016 ජූලි මාසයේදී ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට නොමිලේ පූර්ව රෝහල් සත්කාර සහ හදිසි ගිලන් රථ සේවා සපයන අතර, 1,400කට ආසන්න පිරිසක් සමග පැය 24 පුරා හදිසි වෛද්‍ය සේවා සපයයි. සුව සැරිය විසින් මිනිත්තු 14:38ක සාමාන්‍ය ප්‍රතිචාර දැක්වීමේ කාලයක් අත් කරගෙන ඇති අතර, හදිසි අනතුරු සහ හදිසි අවස්ථාවලදී පුද්ගලයින් ඉක්මනින් සහ දක්‍ෂ ලෙස දිවි ගලවා ගැනීමට සහාය වෙයි.



අදහස් (1)

සියැට් වෙතින් සුව සැරියට දායකත්වය

wedage Tuesday, 23 January 2024 03:44 PM

ජයවේවා සියැට් වලට...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site