සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලුත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත.
295/80 R 22.5 TL ප්‍රමාණයේ ට්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප්‍රවාහන රථ, ට්‍රක් රථ සහ අනෙකුත් විශාල භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා කදිම ටයරයක් බවද ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා මෙම ටයරය ඉතා සුදුසු බවත් එම සමාගම ප්‍රකාශ කරයි.
ආනයනය මත යැපීම අවම කර විදේශ විනිමය සංරක්‍ෂණය කිරීමේ ජාතික ප්‍රයත්නයට සහාය දැක්වීමේ සියැට් කැලණි අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙය දියත් කෙරෙයි.
නිෂ්පාදනය කළ දින සිට වසර තුනක නිෂ්පාදන දෝෂ සඳහා වගකීමක් සහිත නව ට්‍රක් බස් රේඩියල් ටයරය, ශ්‍රී ලංකාවේ තත්ත්වය තුළ අමතර සැතැපුම් ප්‍රමාණයක් සහ වඩා හොඳ කාර්යසාධනයක් ලබා දීමට නිර්මාණය කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි.
“මෙය ට්‍රක් බස් රේඩියල් කාණ්ඩයේ සුපිරි නිෂ්පාදනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අංශයේ අවශ්‍යතා පිළිබඳ අපගේ අවබෝධය සහ වෙළෙඳපොළේ අභියෝග මධ්‍යයේ වුවද නව නිෂ්පාදන සංවර්ධනය සඳහා අපගේ අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කරයි.” යැයි සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඩ්ලානි මහතා පැවැසීය.
“අපගේ වාණිජ ටයර් පාරිභෝගිකයන් සඳහා මෙහෙයුම් පිරිවැය ඉහළ යෑමත් සමග, ආනයනවල කාර්යසාධන පරාමිතීන් සපුරාලීමට හෝ ඉක්මවා යෑමට හෝ සැලැසුම් කර ඇති තරගකාරී මිල නිෂ්පාදනවල අවශ්‍යතාවය වඩාත් උග්‍ර වී ඇති අතර, අපගේ ‘වින්මයිල්’ ටයර් පරාසය සමග අපි මෙම අවශ්‍යතාවය සපුරාලන්නෙමු.” යැයි ද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියැට් කැලණි වෙතින් දේශීයව නිෂ්පාදිත නව රේඩියල් ටයරයක්