IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සීමා මායිම් නැති සංචරණ සීමා

(නිමන්ති රණසිංහ)

සංචරණ සීමා පනවා තිබියදී අද  දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ නගරයට අද  උදෑසන 6.30 - 9.30 දක්වා වු කාලයේ සිට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගනනයක් කළ බවත්, මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ‍්‍රිතව එම සංගනයනය සිදුකළ බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා ආයතන ප‍්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට එම සංගනනයේ දී අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

අදාළ ලිපිවල ඉලෙක්ට්‍රොනික පිටපත් හි ඡායාරූප 1000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා අද දිනයේ දී රාජකාරී කරන්නේ ද යන්න සොයාබැලීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (5)

සීමා මායිම් නැති සංචරණ සීමා

මෝ Monday, 31 May 2021 08:26 AM

මේ සංචරණ සීමා ක්‍රමවේදය කිසිදා සාර්ථක වන්නේ නැත. මිනිසුන් මහපාරේ වෙනදා මෙන්.... මේක විහිළුවක්... රටම ඇරදමා මැරෙන්න ඕනෑ ඔවුන්ට මැරෙන්න ඉඩ දෙන්න...

:       3       35

Kapila Monday, 31 May 2021 08:39 AM

සංචරණ සීමා අවශ්‍ය රජයේ මාස්පඩි ලබන්නන්ට. අනෙක් ජනතාව ජීවන අරගලයේ... මෙම සංචරණ සීමා වහා ඉවත්කළ යුතුයි..

:       10       27

dalugama Monday, 31 May 2021 09:26 AM

හැම පොලිස් මුරපොළකම ටාටා බස්එකක් නවත්තලා තියලා සංචාරක සීමා උල්ලංඝනය කරන අය ඒකට නංවන්න ඕනෑ. ඒ අය ආපු වාහන පාර දෙපැත්තේ පවත්වලා තියන්න ඕනෑ.. අනෙක් අයට බලාගන්න. බස්රථයේ සිටින අයට ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ප.ව. 5ට ගෙදර හෝ රෝහලට යවන්න ඕනෑ. එහෙම නැතුව හුරතල් කරකර ඉඳලා හරියන්නේ නෑ...

:       3       17

සිසිල් නිහන්ත Monday, 31 May 2021 09:56 AM

සංචරණ සීමා - කැතයි ලැජ්ජයි... හොදේ

:       0       0

Sri Lanka Monday, 31 May 2021 11:46 AM

මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. රට වහන්න කියපු අය හොයලා බැලුවද එක පවුලට දවසකට යන වියදම ගැන? කිසි දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18049 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10816 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 9751 6

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 438 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 126 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 805 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site