(ඩයනා උදයංගනී)
සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.
එමගින් රටට ආදර්ශයක් දීම වැදගත් බව කී මන්ත්‍රීවරයා එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්ත නම් තමයි ඉතා වැදගත් බව ද සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යවරයාට, හිටපු අග්‍රාමාත්‍යවරයාට ආර්ථික අපරාධ චෝදනා නගලා චෝදනා නැගීම සාධාරණ නැතැයි කී විතානගේ මහතා මෙම ආර්ථික අර්බුදයට හේතුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2019 දී අනුගමනය කළ බදු අඩු කිරීම් බව ජාත්යවන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් බවද කීය.
බදු අයකිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා රාජ්‍යයට මුදල්, බදු ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා කීවේය.
රටේ අහිංසක ජනතාවගෙන් බදු එකතු කිරීමට ප්‍රථම රටට ලැබිය යුතු ආදායම් බදු පැහැර හරින ඉහළ පෙළේ ආයතන, සමාගම්වලින් ලබා ගන්නා බදු ලබා ගතයුතු බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෑම මන්ත්‍රීවරයකුටම බදු ලිපි ගොනුවක් අවශ්‍ය බව පොදුජන පෙරමුණ කියයි
de silva Tuesday, 13 September 2022 08:24 PM
ඔබලාගෙනේ ආණ්ඩුව.. ආණ්ඩුව පත්වෙලා අවුරුදු 2ක් වෙනවා. කියව කියවා ඉන්නේ කිසිම පියවරක් ගන්නේ නැතිව... ලැජ්ජා නැද්ද?
Perera Wednesday, 14 September 2022 12:53 AM
ලිපි ගොනු අරින්නෙ ජනතාව රවට්ටන්න මිසක් බදු ගෙවන්න නෙවි.