IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.

ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 21.35 ක්  බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ශ‍්‍රී ලාංකිකයන් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ සියයට 60.8 ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64.3 දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බව ලෝක ආහාර වැඩසටහන  වාර්තාව මගින් පෙන්වා දුන්නේය.

ශ‍්‍රී ලංකාවේ ඉන්ධන හිඟය දේශීය වෙළඳපොලේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළඳපොලේ දේශීය භාණ්ඩවල මිලට ඒ හේතුවෙන් පීඩනයක් එල්ල වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (5)

සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ

පිටරැටියා Tuesday, 06 September 2022 04:19 PM

ආසියාවේ ආශ්චර්යය... සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න බලයට ආපු නායකයින් ඉන්න රටක එහෙම වෙයිද? අනේ අනිච්ඡං...

:       56       17

fairoos Tuesday, 06 September 2022 04:48 PM

ජාතිවාදයෙන් රට කරන්න ආපු නන්දසේන සහ නඩය තමයි මේකට වගකියන්න ඕනේ.. ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර වෙලත් තාම බයි ටෝක් දෙන එකනම් නැවතිලා නැහැ.

:       38       15

නිමේෂ් Tuesday, 06 September 2022 05:18 PM

ඕක සමරන්න වෙන්න ඇති අද එජාපයේ උත්සවයක් තියෙන්නේ, අවුරදු 70ක් රට කාපු එක සමරන්න..!

:       6       34

amila Tuesday, 06 September 2022 06:54 PM

ඡන්දයක් තියලා බලන්නකෝ බඩගින්නේ වැටි වැටී ඇවිල්ලා තමන් කැමැති දේශපාලන පක්ෂයට හරි, නායකයාට හරි ඡන්දෙ දීලා යන්නේ වැඳලා...

:       10       15

ganegoda Wednesday, 07 September 2022 09:45 AM

අර ජාතික කොඩියෙ ඉන්න සිංහයව ගලවලා මෙ පින්තුරෙ එතෙන්ට දා ගත්තනම් සම්මාදම් උපකාර ටිකක් හරි ලබාගන්න තිබුන !!!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site