IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක්

(අංජුල මහික වීරරත්න)

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී කීය.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. 

කාන්තා සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (2)

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක්

Hafeel Friday, 29 March 2024 01:57 PM

හරියට දැනට පොලිස් ස්ථානවල කාන්තා සහ ළමා අංශය නැතුව, දැන් මෙයා තමයි අලුත්තෙන් පටන් ගන්නවා වගේ. අනික මෙයා කියන්නේ කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බව. එහෙම නම්, දැනට ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් රටේ නීතියක් නැහැ වගේ කතාව. නීතිය ක්‍රයාත්මක කරනවා නම්, පවතින නීති ඕනෑ තරම් ප්‍රමාණවත්... කොහොමද මෙයා ජනතාව රවට්ටන්න ක්‍රමය...!

:       2       4

වොඩ්ක Friday, 29 March 2024 05:38 PM

ඔබතුමා රටේ අගමැති වෙලා කීපාරක් නම් හිටියාද? ඒ කාලේ කරන්න තිබුණානේ? ඔබතුමාගෙ දැන් ඉන්න මහලේකම්තුමා තමයි කිව්වේ "පරපුරක් නැති කෙනෙක් පරපුරකට කෙරන්නේ කොහොමද කියලා", බොරු නම් පරණ නිව්ස් අරං බලන්න..!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site