(තිලකරත්න දිසානායක, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ එල්.ආරියරත්න)
පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය.
යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියා මාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවෙහි දිස්ත්‍රික් මට්ටමේ 24 වැන්න ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පැවති අවස්ථාවේදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
2017 වසරේදී පළාත් පාලන ආයතනවල සභිකයින් සියයට 40 කින් වැඩි කිරීම කිසිදු තේරුමක් නැති බව සදහන් කළ සභාපතිවරයා , මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු පැහැදීමක් නැති බවද කීය.
සීමා නිර්මාණය හේතුවෙන් ඡන්දය ප්‍රමාද කිරීමට කොමිෂන් සභාව එකග නොමැති සේම ජනතා නියෝජිතයන් වෙනුවට පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම පිනිස නිලධාරීන්ට බලය ලබාදීමටද එකග නොවන බවත් නිමල් පුංචිහේවා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘සීමා නිර්ණය දමා මැතිවරණ කල් දමන්න බෑ‘‘
LGPJ Thursday, 15 December 2022 07:52 AM
අනේ ඔව් ඕක පවත්වලා තියෙන සල්ලි ටික වියදම් කරලා ඉතුරුවන අනිත් ටිකෙන් ඕකුන්ට පඩි ගෙවලා නඩත්තු කරන්න.
Perera Thursday, 15 December 2022 08:46 AM
ජනමතයක් නැතුව ජනාධිපති වෙන්න පුළුවන් නම් මැතිවරණත් කල් දාන්න පුළුවන් වෙයි.
gunda Thursday, 15 December 2022 02:52 PM
මැකෝ තාමත් සූදානම් වන්නෙ ජනක රත්නායක වගෙ ඉල්ලන් කන්නද? මොනම රජයෙ නිලදරියෙකුටවත් පර්ලිමෙන්තුව හා ජනාදිපතිවරයට ඉහලින් යන්න බැරි බව නීතිය ගැන ඉගෙන ගෙනත් තවම අවබෝ කරගන්න බැරි උනාද?
LGPJ Thursday, 15 December 2022 03:12 PM
ගරු . නිමල් පුංචිහේවා මැතිතුමනි.