(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතීය පුදබිම වෙත පිවිසෙන අභ්‍යන්තර රවුම් මාර්ගය රුපියල් දස ලක්‍ෂ 15ක පමණ වියදමින් බිම්ගල් අතුරා සකස්කර වන්දනා මාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා විවර කරදීමේ උතුම් පිංකමක් අද (21) සිදුකෙරිණි.
පරලෝ සැපත් සිය මාපියන්වන හිටපු ගම්පති ඇල්බට් සිරිසේන මහතා සහ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී නන්දාවතී සිරිසේන මහත්මියට පිං පිණිස මේ මාර්ගය ඉදිකිරීම සඳහා බැතිබර දායකත්වය දරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු,දානපති,පොලොන්නරුව,ලක්‍ෂඋයන කේ.එම්.සී.සී ව්‍යාපාරයේ අධිපති කපිල ගාමිණී සිරිසේන මහතා විසිනි.
සෝමවතිය රාජ මහා විහාරාධිපති,ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මාර්ගය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූහ.
උතුර, උතුරු මැද,නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක,පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩම කළහ.
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්,අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෝමාවතීයට පිවිසෙන මාර්ගය බිම්ගල් අතුරා සකස් කරයි
kanchana liyanage Sunday, 21 February 2021 10:15 AM
මේ දේවල් කළා කියලා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවෙන්න හදන්න එපා. පොලවට ගල් අල්ලන්න, අල්ලන්න රත්වීම වැඩිවෙනවා මිස අඩුවෙයි කියලද ඔය පළාතේ අය හිතන්නේ.. අයියෝ සිරිසේන...
dayarathna Sunday, 21 February 2021 10:25 AM
සිරිසේන ගේන්න හොඳම කාලය...
සිසිල් සුදේශ් Monday, 22 February 2021 02:47 AM
ලොකු කුසලයක්. ආනිසංස මේ ජාතියෙම ලැබෙයි, ලී, ලොරි, වැලි ලොරි ලේසියෙන් ගෙනියන්න පුළුවන් වුණාම...