IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු

(අශන්ති වරුණසූරිය)

සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබේ.

මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4ක්ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා ඇත.

සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.

ඉකුත් දින නිකුත් කළ නිවේදනයක් හරහා ජනාධිපතිවරයා තහවුරු කරනු ලැබුවේ, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තම රජය ප්‍රතික්ෂේප නොකරන බවත්, ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ය.

 



අදහස් (7)

සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු

පිටිගල මිලානෝ Friday, 16 September 2022 08:45 AM

සමරිසි යනු සුන්දර අත්දැකීමකි. විශේෂයෙන්ම ලංකාවේ කන්කරච්චල් ගැහැණු සමග සසඳන විට...!

:       71       13

pakeerFriday, 16 September 2022 12:08 PM

ලංකාවේ ගෑණු හොඳයි මීට වඩා...

:       3       3

කිරිපුතා Friday, 16 September 2022 09:35 AM

දොංකිට දොංකිට... කියලා දැන් නටන්නේ සමරිසි නාඩගම.. ⁣අනිත් මොනවා වෙතත් කොටි නාඩගමටයි සමරිසි නාඩගමටයි හොඳ වේදිකාවක් හදලා ගුරුන්නාන්සේ බැහැලා යයි.

:       10       121

Chinthana Friday, 16 September 2022 10:04 AM

ඔය ගමන්ම හරස් විලාසිනියන් කියන විරුද්ධ ලිංගික ඇඳුම් අඳින අයටත් ඒක ප්‍රසිද්ධියෙ කරන්න පුලුවන් නීති ගේන්න ඕනැ

:       35       6

Santhu Friday, 16 September 2022 11:09 AM

මල සමයං, මල විකාර. අද කාල හෙට මොනා කන්නද කියල හිතන අපට, මේ සමරිසි සමීක්ෂණ ගැන කතා කරන්න තියා, හිතේ අහලකටවත් එනවද

:       7       78

[email protected] Friday, 16 September 2022 12:40 PM

මෙකෙ අදහස් දාල තියෙන අයයි එවට ලයික් දීල තියෙන ගානයි දැක්කම සමික්ශනයෙ තොරතුරු ඇත්තමද කියන්න බෑ.ලන්කවෙ මිනිස්සු කවද මෙ මිනිස්සු ගැන සාමන්‍ය විදියට බලයිද කියල කියන්න බෑ.

:       1       12

සිල්වා Friday, 16 September 2022 02:01 PM

ජාතියක් විනාශවීමට මුල අනවශ්‍ය ලෙස උපන් පාලනය කිරීම. සමරිසි කියන්නේ මනුෂ්‍ය සංහතිය නැති කිරීමට කරන උත්සාහයක්... අද බටහිර රටවල ජනගහනය සෘණ වර්ධනයට මූලික හේතුවද මෙම ක්‍රියාවයි.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site